දිලිත් ජයවීරගේ මවුබිම ජනතා පක්ෂයේ සභාපති සරත් අමුණුගම මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ මහතා මේ ආකාරයෙන් ඉල්ලා අස්වීමට පෙර ඊයේ දිනයේදී දිලිත් ජයවීර, විමල් විරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු තවත් පිරිසක් එකතු වී නව සන්ධානයක් සඳහා එකඟතා අත්සන් කර තිබෙනවා.

මේ පිළිබඳව අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහබාගී වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා කියා සිටියේ රට විනාශ කළ රාජපක්ෂ සහචරයින් විසින් නැවත වතාවක් ජනතාව රැවටීමට සහ ඉදිරි මැතිවරණයකදී කුමක් හෝ දේශපාලන කණ්ඩායමකට එකතු වීමට මාන බලමින් සිටින බවයි.