උසස් අධ්‍යාපනයට එල්ල වී ඇති මරු පහර සම්බන්ධයෙන් ඊයේ (19) විවාදයේදී කරුණු රැසක් තමා මතු කළ බවත් මේ වන විට සරසවි සිසුන් වේල් 3ක් කෑමට නොහැකි වී ඇති බවත් සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල සිසුන් දේශපාලනඥයන් හමු නොවූවන් තමා හමුවීමට පැමිණ සිය දුක්ගැනවිලි ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙවැනි ගැටලු දහස් ගණනක් මැද ඔවුන් සිය අයිතීන් ඉල්ලා උද්ඝෝෂණය කරන විට ඔවුන්ට මිලේච්ඡ ආකාරයෙන් පහරදීමට ආරක්ෂක අංශ සහ පොලිසිය කටයුතු කර ඇති බවත් ඒ සදහා ආසන්නම උදාහරණය පසුගිය දින පැවැති පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උද්ඝෝෂණය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණ සදහා මැර ප්‍රහාර එල්ල කරන බවත් එහිදී ඔවුන් තුවාල වුවහොත් ප්‍රතිකාර සදහා රෝහල් සූදානම් කරන ලෙසට නුගේගොඩ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමුකර ඇති බවත් මෙම ලිපිය යොමු කර ඇත්තේ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ උද්ඝෝෂණයක් පාදක කර ගෙන බවත් විපක්ෂ නායකවරයා අනාවරණය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (20) පාර්ලිමේන්තුවේදී විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි.
තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬනැගීමේ භාෂණයේ නිදහසක් ඇති රටේ මෙවැනි මර්ධනකාරී ක්‍රියා අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.