පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගන්නැයි කියා ISIS සංවිධානයට බලපෑම් කළේ ලංකාවේ හමුදා බුද්ධි නිලධාරියෙක්
මේ පරීක්ෂණ යට ගහලා – මනුෂ නානායක්කාර නැවත ආන්දෝලනාත්මක හෙළිදරව්වක
විවිධ පුද්ගලයන් යොදාගනිමින් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වෙනතකට යොමු කිරීමට රජය උත්සාහ දරමින් සිටින බවට සමගි ජන බලවේගය පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ පොලිස්පතිවරයාගේ ප්‍රකාශ හරහා ද මේ බව තහවුරු වන බවයි.
පාර්ලිමේන්තුව තුළ හෙළිදරව් කරනු ලැබූ පාස්කු ප්‍රහාරයට අදාල කරුණු පිළිගත නොහැකි බව පැවසීමට පොලිස්පතිවරයාට සදාචාරාත්මක අයිතියක් නැති බව සඳහන් කරන මනුෂ නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ කරුණු පිළිගන්නෙ නැතිනම් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් ලිඛිතවම රජයට යොමුකළ කරුණු සම්බන්ධයෙන් හෝ සොයා බලන ලෙසයි.
හමුදා බුද්ධි නිලධාරියෙකුගේ මැදිහත්වීමක්
පාස්කු ප්‍රහාරය සිදු කිරීමෙන් පසු අදාල ප්‍රහාරය වගකීම භාර ගන්නා ලෙස ISIS සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ ලංකාවේ හමුදා බුද්ධි නිලධාරියෙක් බව හෙළිව ඇති බව ද මනුෂ නානායක්කාර මහතා මෙහිදී සඳහන් කළා.
රටේ මිනිස්සුන්ට දැන් යමක් තේරෙන්නට පටන් ගෙන ඇති බව පැවසූ මනුෂ නානායක්කාර මහතා පෙන්වා දුන්නේ රජය මේ පිළිබඳව කරුණු විමර්ශනය කිරීම නිසි අයුරින් සිදු නොකරන්නේ නම් එම සැකය තහවුරු වනු ඇති බවයි.
ඥානසාර හිමිගේ හදිසි මතුවීම ප්‍රශ්නයක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වෙමින් පවතින මොහොතක ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජාතිවාදීන් කතා නිර්මාණය කරමින් හිටි හැටියේ කරළියට පැමිණ ඇති බව ද මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා.
ඔහු පෙන්වා දුන්නේ නැවත වරක් රට තුළ ජාතිවාදී මතවාදී නිර්මාණය කරමින් පාස්කු ප්‍රහාරයට අදාල යුක්තිය ඉටු වීමේ ක්‍රියාවලියට අකුල් හෙළීම පිළිබඳ ජනතාව වඩාත් අවධානයෙන් පසුවිය යුතු බවයි.
සටහන – CJ