පොහොර නොමැතිවීම නිසා අස්වැන්න අඩුවී ආදායම් අහිමිවූ තේ වගාකරුවන්ට, බඩ ඉරිගු ගොවීන්ට, එළවළු ගොවීන්ට වන්දි ලබාදීමට ආණ්ඩුවේ කිසිදු සූදානමක් නොමැති බව අනාවරණය වේ.

වී ගොවීන්ට පමණක් හානි වූ වගාව වෙනුවෙන් වන්දි ලබාදීම සදහා කෘෂිකර්ම ඇමතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන අතර අනෙක් කිසිදු වගාවක් සදහා වන්දි ලබා නොදීමට ආණ්ඩුව තීරණය කර ඇත.

වී ගොවීන්ට වන්දි ලබාදීමට කටයුතු කරන්නේද දැඩි කොන්දේසි සහිතවය.

මෙසේ වන්දි ලබාදීම සදහා පසුගිය අය වැයෙන් මුදල් වෙන් නොකළ අතර මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ අය වැය ලේඛනය ඉදිරිපත් කරමින් පැවසුවේ කිසිදු අමාත්‍යාංශයකට අතිරේක මුදල් ප්‍රතිපාදන ලබාගැනීම සදහා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් නොකරන බවය. එවැනි තත්වයක් තුළ ගොවීන්ට වන්දි ගෙවීම සදහා වන මුදල් ලබාගන්නා ආකාරය ගැනද අර්බුදයක් මතුව ඇත.