ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත  “ශාසන කීර්ති දේශාභිමානී  ශ්‍රී ලංකා ජනරංජන” ගෞරව නාමය පිරිනැමීම නිමිත්තෙනි.

මිනිස් ජීවිතවල අපේක්ෂාවන් දැල්වූ ජන නායකයින් අතර දිවංගත ජනාධිපති  රණසිංහ ප්‍රේමදාස මහතාට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.
ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති ශ්‍රීමත් රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමන්ගේ සහ හේමා පේ‍්‍රමදාස ආර්යාවගේ පුතු වන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා ය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් හා කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා එංගලන්තයේ හා ඇමරිකාවෙන් උසස් අධ්‍යාපනය ලබා බම්බලපිටියේ සිරි වජිරාරාම දහම් පාසලෙන් දහම් අධ්‍යාපනය ලබා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයෙන් අධ්‍යාත්මික වටපිටාව ඔප්නංවාගත් සජිත් පේ‍්‍රමදාස මහතා 1993 දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට අත්පොත් තැබී ය.
ඔහු උදාර බෞද්ධයෙකි.මෙරට තුන් නිකායෙන්ම ඔහුට ගෞරවනාම පිරිනමා තිබෙන්නේ ඔහු තුල වන සැබෑ බෞද්ධකම නිසාය.එහෙත් ඔහු සියලු ආගම් වලට ගරු කරන දයාවන්ත මිනිසෙකි. සියලුම සිද්ධස්ථාන නැන්වීමත්, සියලු ආගම් වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමත් ඔහු ඉටු කරනුයේ බුදුදහමේ පවතින සැබෑ අරුත පසක් කරමින් ය.
 පාලකයා සතු විශේෂ ගුණාංගයක් විය යුත්තේ තීන්දු තීරණ ගැනීමේදී කිසිදු අගතියකට පත් නොවීමයි. මෙවැනි අගතීන් හතරක් පිළිබඳව බුදුදහමේ උගන්වයි. ඒවා සතර අගති ලෙස හඳුන්වයි. ඡන්ද, දෝස, භය, මෝහ යනුවෙනි. ඡන්දය යනු කැමැත්තයි. තමාගේ කැමැත්ත අනුව හෙවත් තමාට යම් අයගේ බලපෑම් මත තීන්දු තීරණ නොගත යුතුය. සෑම තීන්දු තීරණයක්ම තිබිය යුත්තේ රටේ අනාගත අභිවෘද්ධිය හා මහජනතාවගේ සුභසිද්ධියයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ ගේ චරිතය දෙස හැරී බලන විට දක්නට ලැබෙන්නේ අවශ්‍ය තීරණ අවශ්‍ය මොහොතේ ගන්නා නායකයකුගේ ස්වරූපයයි.
බෞද්ධ දේශපාලනයට අදාළ ප්‍රතිපත්ති අතර දසරාජ ධර්මවලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා පාලක ප්‍රජාව මෙම ප්‍රතිපත්තීන්ගෙන් සමන්විත විය යුතු බව බුදු දහම මඟින් පෙන්වා දෙයි.
“දානං සීලං පරිච්චාගං අජ්ජවං මජ්ජවං තපං අක්කෝධෝ අවිහංසාච ඛන්තීච අවිරෝධතා”
එනම්, දානය, සීලය, පරිත්‍යාගය, සෘජු බව, මෘදු බව, තපස, අවිහිංසාව, ශාන්තිය, අවිරෝධතාව යන කරුණු දහයයි.
දේශපාලනයට අදාළ ප්‍රතිපත්තිවලට අනුව දස සක්විති වත්වලට හිමි වන්නේ සුවිශේෂ වැදගත්කමකි. චක්‍රවර්තී රාජ්‍ය සංකල්පය හඳුන්වාදීමත් විශ්ව රාජ්‍යයක් ගොඩනැඟීමටත්, මහෝපකාරී වන උදාර ප්‍රතිපත්ති දහයක් දස සක්විතිවත් ලෙස දැක්වේ.
සජිත් ප්‍රේමදාස මහතා නිරන්තරයෙන් වෑයම් කරන්නේ එකී කාරණා පිළිබඳව ප්‍රායෝගිකව කටයුතු කිරීමටය.ඔහු තුළ පවත්නා උදාර ගති ලක්ෂණය වන්නේ එයයි .
යහපාලන රජයේ නිවාස ඉදිකිරීම් හා සමෘද්ධි අමාත්‍යාංශයේ වගකීම බාරගන්නා හෙතෙම කැබිනට් ඇමැතිවරයෙකු ලෙස තම කාර්යභාරය මනාව දියත් කරමින් සමෘද්ධි ලාභින්ට සහන ක්‍රමයකට මුදලක් ලබා දෙමින්, නිවාස තනන්නට නිවාස ණය ලබා දෙමින් සජිත් පේ‍්‍රමදාස මහතා සැමට සෙවන යළි පිබිදෙන උදා ගම්මාන ජනතා අයිතියට පත්කර ඇත.  දිවයින පුරා උදාකළ ගම්මාන දහස් ගණනකි . වකුගඩු රෝගීන් සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට, කලා ක්ෂේත්‍රයට,ආබාධිත රණවිරුවන්ට, වතුකරයේ නිවාසලාභීන්ට යන ක්ෂේත්‍රයන් සඳහා ඉටුකළ සහ කරන කාර්ය භාරය අති මහත් ය. 
අදටත් දේශයේ මතු පරම්පරාව වෙනුවෙන් ” සක්වල වැඩසටහන ” නිරෝගී පරපුරක් වෙනුවෙන් සමගි ජන බලවේගයෙන් හුස්මක් වැඩසටහන ඇතුළු වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරමින් හෙතෙම දේශයේ ඉදිරි ගමන ප්‍රාර්ථනා කරමින් සිටී.
සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් ඔබ්බට ගොස් රටට අගයක් එකතු කරන විපක්ෂ නායක වරයෙකු ලෙස සජිත් ප්‍රේමදාස මහතාව හැඳින්විය හැක.
මීට පෙර ස්‍යාමෝපාලී  මහානිකායේ මල්වතු පාර්ශවයෙන් ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන” ‍ෙගෟරව නාමයෙන් පිදුම් ලැබූ ඒ මහතා, මෙවර රාමඤ්ඤ මහා නිකායෙන් ශාසන කීර්ති දේශාභිමානී  ශ්‍රී ලංකා ජනරංජන” ගෞරව නාමයෙන් පිදුම් ලබයි.
එය දුර්ලභ පුණ්‍ය මහිමයකි.