යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත වහාම සංශෝධනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කර තිබෙනවා .

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සඳහන් කළේ, පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ශ්‍රී ලංකා ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පණත් කෙටුම්පත පිළිබඳව ඉතා බැරෑරුම්ව අවධානය යෙමු කළ බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම අර්ථවත් ප්‍රතිසංස්කරණයක් සඳහා හැරවුම් ලක්ෂ්‍යයක් නමුත්, මෙම යෝජිත නීතිය මගින් අතීතයේ සිට පැවති මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමේ අවදානමක් ඇති බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

ජත්‍යන්තර මානව හිමිකම් ආයතනය මගී යෝජිත ප්‍රති ත්‍රස්ත පනත පිළිබඳව විවේචන ඉදිරිපත් කර ඇත්තේ පහත ආකාරයෙන්,

“කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සලකා බලමින් පවතින සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අපි දැඩි අවධානය යොමු කරමු.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවලංගු කිරීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආරක්ෂාව සඳහා වන ප්‍රවේශයේ අර්ථවත් ප්‍රතිසංස්කරණයක් සඳහා හැරවුම් ලක්ෂ්‍යයක් විය යුතු නමුත්, මෙම යෝජිත නීතිය ඔස්සේ, ඒ වෙනුවට අතීතයේ සිට උල්ලංඝණ රටා පවත්වාගෙන යෑමේ අවදානමක් ඇත.

මෙම යෝජිත නීතිය පුලුල්ව එල්ලවුණු විවේචනවලින් පසුව ඉවත් කරන ලද පෙර කෙටුම්පත්වලට සැළකිව යුතු ලෙස සමාන වේ.

එය “ත්‍රස්තවාදයේ” ක්‍රියාවන් ඕනෑවට වඩා පුළුල් ලෙස නිර්වචනය කරයි, විශේෂයෙන් රැඳවුම් නියෝගවල නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඇපකරවල විෂය පථය සීමාකරයි.

එසේම අනෙකුත් ගැටළු සහගත විධිවිධාන අතර රැඳවුම් ස්ථාන නැරඹීමට මානව හිමිකම් කොමිසමට ඇති හැකියාව සීමාකරයි.

පනත් කෙටුම්පත එහි වර්තමාන ස්වරූපයෙන් සම්මත වුවහොත්, එවැනි බලතල අනිසි ලෙස භාවිත කිරීමට එරෙහිව සීමිත හෝ ආරක්ෂාවක් නොමැතිව, අයිතිවාසිකම් සීමා කිරීමට විධායකයට අධික බලතල ලබාදෙනු ඇත.

එය වරෙන්තු නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට අවශ්‍ය නීතිමය පදනම දුර්වල කරනු ඇත. එය තවදුරටත් දීර්ඝ ලෙස, නඩු විභාගයට පෙර රඳවා තබාගැනීමට අවසර දෙනු ඇත.

පනත් කෙටුම්පත සැලකිය යුතු ලෙස සංශෝධනය කර, එය ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික මානව හිමිකම් බැඳීම් සමඟ සම්පුර්ණයෙන්ම අනුකූල වන ලෙස සිවිල් සමාජය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ අර්ථවත් ලෙස සම්බන්ධ වන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.”