රටේ ආර්ථික සමීකරණය නිවැරදිව සකස්කළ හැකි එකම කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයේ පමණක් බවත් සජිත් ප්‍රේමදාස යනු හොඳ කියවීමක් තිබෙන නායකයෙක් බවත් ඔහු සමඟ බය නැතුව ගමනක් යා හැකි බවත් හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසනවා.

තවත් හමුදා නිලදාරීන් සිය ගණනක් සමගි ජන බලවේගය සමග එක්වීමට නියමිතයි තිබෙන අතර හමුදා නිලදාරීන් සමඟ රටේ විනය නිසි ආකාරයෙන් සකස් කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් තමන් සතුව තිබෙන බවත් හිටපු හමුදාපතිවරයා කියා සිටින්නේ.

අනිවාර්යෙන්ම මීළඟ මැතිවරණය ජනාධිපතිවරණයක් බවත් ජනමතවිචාරණයකට ගියොත් නැවතත් මේ රටේ ලේ විලක් බවට පත්වීමේ අවදානමක් තිබෙන බවත් එතුමා අවධාරණය කරනවා.