දේශීය ණය පියවීම සදහා ප්‍රමාණවත් ලෙස බැදුම්කර අලෙවි නොවීම හේතුවෙන් තවත් රුපියල් බිලියන 64 ක මුදලක් අච්චුගහලා, ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා මුද්රණය කර තිබෙන බව වාර්තා වේ.

රුපියල් බිලියන 160 ක් උපයා ගැනීමේ අපේක්ෂාවෙන් සිදු කරන ලද බැදුම්කර වෙන්දේසියෙන් ශ්‍රී ලංකා මහබැංකුවට උපයාගත හැකිව ඇත්තේ රුපියල් බිලියන 124ක මුදලක් පමණි.

ඒ හේතුව මත මෙසේ තවත් රුපියල් බිලියන 64ක් මුද්රණය කිරීම සිදුව තිබේ.

දේශීය ණය ගෙවීම් සදහා මුදල් උපයා ගැනීම සදහා වෙනත් මූලාශ්‍ර නොමැති වීම මෙසේ මුදල් මුද්රණය කිරීමට හේතු වී තිබේ.