එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබෙනවා.
අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා මේ බව කියා සිටියා.
සිය පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බවයි ඔහු එහිදී අවධාරණය කළේ.
ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් එය සමගි ජන බලවේගයෙන් සිදුකරන බවත් චරිත හේරත් මහතා කියා සිටියා.
ඒ අනුව දැනට පාර්ශ්වකරුවන් ගණනාවක් සමගි ජන සන්ධානය සමග සිටින බවත්, තවත් එක්වීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කළා.
සියලුදෙනා එකතු වී එක් පුද්ගලයෙක් ජනාධිපති විදියටත්, ශක්තිමත් කණ්ඩායමක් සහ වැඩපිළිවෙලකුත් රට හමුවේ ඉදිරිපත් කර ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බවයි චරිත හේරත් මහතා කියා සිටියේ.
ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතාම සාර්ථක බව ද චරිත හේරත් මහතා පෙන්වා දුන්නා.
ඒ අනුව රට තුළ පුළුල් දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා විපක්ෂය සමග ඉදිරි සති කිහිපය තුළ ඍජුව කටයුතු කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.