රටක සාමකාමී ඒකිය සමාජයක් ගොඩනැගිම රාජ්‍යක පරම යුතුකම වේයි. රටේ රාජ්‍ය ආරක්ෂාව තහවරු වන්නේත් ජනතාවගේ ජිවන පහසුව සැළසේන්නේත් එබදු සමාජයක් තුලය. ඉකුත් යුගය පුරාවටම ලංකාවේ ජාතින් අතර ඇතිවිය යුතු සංහිඳියාව පිලිබදව නිතරම අසන්නට ලැබුණි. අපේ රටේ ඇත ඉතිහාසයේ පටන්ම ජාතින් සහ ආගම් අතර සංහිඳියාව දියුණු කරලිමට අපේ රටේ විවිධ නායකයන් විශාල උත්සාහයක් නිරත විය. නමුත් එය මොනතරම් දුරට සාර්ථක වුවාද කියා ලංකිකයන් විදියට අපි අපේන්ම ඇසිය යුතු ප්රශ්නයකි.
සංහිඳියාව යනු යම් ජන කොට්ඨාශක මානව හිමිකම් දරුණු ලෙස උල්ලංඝනය විමේන් අණතුරුව යලි එම ජාතින් අතර සම්බන්ධතා ගොඩනැගිම සම්බන්ධව තිබේන සංකිර්ණ ක්‍රියාවලියයි.
ජාතින් අතර ගැටුම් නිර්මාණය වුණු අවාස්ථාවන් අපේ රටේ ඉතිහාසය තුල අප දැක ඇත. ඒ අතර 1915 සිංහල මුස්ලිම් කෝලහාලය, 1983 දි ජුලි ගැටුම, එවගේම අපේ රටේ දශක තුනක් පැවැති සිවිල් යුද්ධය,2018 වර්ශයේදි මහනුවර දි ඇති වු ගැටුම සහ අවාසනාවන්ත ලෙස පාස්කු ඉරිදා ඒල්ල වු ත්‍රස්ත ප්‍රහාරය වගේ ඕනෑ තරම් උදාහරණ ලංකා ඉතිහාසය තුල ඇත. මේවැනි අවාසනාවන්ත සිද්ධින් තුලින් අපේ රටේ අහිංසක මිනිස් ජිවිත අපට අහිමු වුණා.
ඉතිහාසය පටන් සංහිඳියාව වචනයකට පමණක් සිමා වි තිබිම කණගාටුවට කාරණයකි.
ශ්‍රී ලංකාව බහු ජාතික,බහු ආගමික,බහු සංස්කෘතික විව්ධවයේන් යුත් රටක්. මේ ජිවත් වන සැම ජන කොට්ඨාශයකටම සමාන අයිතිවාසිකම් ලැබිය යුතුයි. නමුත් අවාසනාවන්ත ලෙස ඉතිහාසය පටන් නොයේකුත් ආකරයේන් ජාතින් සහ ආගම් අතර අර්බුදයන් නිර්මාණය කිරිමට යම් යම් කාණ්ඩායම් අදටත් උත්සාහයක නිරත විම් දක්නට තිබේනවා. එහි කොණක දේශපාලනය අනිවාර්යයෙන්ම ගැවි තිබෙන බව අපි හොදින්ම දන්නා කාරණයකි.
අපි ශ්‍රී ලංකිකයන් විදියට සිතිය යුතු වන්නේ මේ රටේ ජාති ආගම් භේදයකින් තොරව මේ රට දැන් තිබෙන තත්වයේන් ගොඩගෙන තිරසාර සංවර්ධනයක් ලගා කර ගැනිම සදහා එක්ව කටයුතු කිරිමයි.
අද වන විට විවිධ ජාතිවාදී ,අන්තවාදී අදහස් ඇති උදවිය සිංහල මුස්ලිම් ජන සමාජය තුල නැවත වතාවක් භේද කිරිමට උත්සාහයන් වල නිරත විම අපිට පෙන්න තිබේන කරුණකි. විශේෂයෙන්ම මම කතෝලිකයේක් විදියට පාස්කු බොම්බ ප්‍රහාරය අපේ කතෝලික දේවස්ථානයන් වලට ඒල්ල වුවායින් පසුව මේ රටේ සමස්ථ මුස්ලිම් සමාජයම අන්තවාදීන් ලෙස කිසිදාක ඔවුන්ව ඉලක්ක කෙරුණේ නැත. ජාතිවාදී අන්තවාදී අදහස් ඇති උදවිය ඕනැම ජන සමාජයක සිටිය හැක. ඔවුන් දේශපාලනික වශයෙන් ටෙලි නිර්මාණයන් වල නිරත වන්නේ ජාතින් අතර අසමගියක් ඇති කරලිමට. නැවත වතාවක් මේ රටේ ජාතින් අතර ගැටුමක් ඇති වුවහොත් අපිට රටක් විදියට ඉදිරියට යැම අපහසුය. ආර්ථික වශයෙන් අපේ රට දියුණු කරලිමට නම් ජාතින් අතර සංහිඳියාවන් අපි දියුණු කල යුතු බව මාගේ අදහසයි.
මේ රටේ කිර්තිමත් දේශපාලනයකු වන හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් භාකිර් මාකර් මැතිතුමන්ගේ දක්ෂ කතිකත්වය නිසා ඔහුගේ පාසැල් කාලයේ ඒදා බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද විදුහලේ සිංහල විවාද කණ්ඩායමේ නායකත්වය දැරුවේ මුස්ලිම් තරුණයකු ලෙස සමාන අයිතිවාසිකම් දිනා ගැනිමේනි.
අපට අවශ්‍ය වන්නේ සැම ජන සමාජයකටම සමාන අයිතිවාසිකම් දිනා දිමටය. ලෝකයේ දියුණු රටවල් දියුණු තත්වයන්ට පත්වුයේ සැමට සමාන අයිතිවාසිකම් ලබා දිමෙනි.
අපේ රටේ පැවැති සිවිල් යුද්ධයෙන් අපි දශක තුනක් රට ආපස්සට ගිය බව අපි හැමොම දන්නා කාරණයකි. 2009 දි ලබපු යුද ජයග්රහණයෙන් පසුව එකිය රටක් බවට අපි පත්වුණේ මේ රටේ රණවිරුවන් ට පිංසිදධ වෙන්න. සිංහල දේමළ ජනතාව අතර ඇති වෙච්චි ගැටුමේ ප්‍රතිඵලය වුයේ මේ රටේ අහිංසක මිනිස් ජිවිත අපට අහිමි විමයි. නැවත මේ රටේ යුදධයක් අනවශ්‍යයි.
මම විශ්වාස කරනවා පාසල් අධ්‍යාපන පද්ධතින් තුල නිවැරැදිව අනොන්‍ය අවබෝධය
ඇතිව විවිධ ජාතින් වලට උරුමකම් කියන පාසල් දරුවන්ට ජාතින් අතර සහජිවනයේන් කටයුතු කිරිමේ වැදගත්කම පිලිබදව නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතු බව, අවුරුදු 18 දි පාසලේන් එලියට එන දරුවට සමාජය පිලිබදව සුබවාදීව සිතන්න ඉඩ සැලැස්විය යුතුයි. පාසල් ගුරුවරුන් ට මේහිදි විශාල වගකිමක් පැවරේනු ඇත.
පසුගිය වකවානුව තුල අපි දැක්කා ජාතින් අතර අසමගියක් ඇති කරලිමට දැඩ් උවමනාවක් තිබේන යම් යම් කණ්ඩායම් සමාජය තුල මතුවෙනවා ඔවුන් සැමවිටම කලේ බොරු සමාජ ගත කිරිමයි නැවත වතාවක් වද කෝත්තු,වද යට ඇදුම් එවගේම
Dr සෆිලා පෙන්න පෙන්න මුළු මහත් සමාජයම බියවද්දා ඔවුන්ගේ පුද්ගලික අරමුණු දිනා ගැනිමට උත්සාහයක නිරත වන බව පෙනෙන්නට තිබේනවා.
රටේ අර්ථිකය කඩා වැටිලා, රටේ සෞඛ්‍ය කඩා වැටිලා, රටේ අධ්‍යාපනය කඩා වැටිලා තිබෙන මොහොතක ඒ සියලු කඩා වැටිම් ජනතාව ට අමතක කරලිම සදහා තමයි වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට උදවු උපකාර කරපු ජාතිවාදී අන්තවාදී අදහස් ඇති කණ්ඩායම් විවිධ බොරු සමාජ ගත කිරිමට උත්සාහය කරන්නේ.
අපි සැමවිටම සිතිය යුතු වන්නේ ශ්‍රී ලංකිකයන් විදියට අපි කොහොමද මේ රටේ ජාතින් සහ ආගම් අතර සංහිඳියාව තුලින් සුරක්ෂිත රටක් නිර්මාණය කරන්නේ කියන බව. එය අපට සාර්ථක කර ගැනිම ට හැකිවුවහොත් ශ්‍රී ලංකාවත් දියුණු රටක් වේවි.
හේෂාන් සිල්වා
කෘත්යාධ්කාර මණ්ඩල සභික
සමගි තරුණ බලවේගය