සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබංඩාර මහතා නිකුත් කල මාධ්‍ය නිවේදනය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් තවත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ. එක රටක් එක නිතියක් සදහා වු මෙම බලකාය එතුමා පිහිටවු විහිලු සහගතම කාර්ය සාධක බලකාය බව කිව යුතුය.

මෙම කාර්ය සාධක බලකායේ නායකත්වයට පත් කර ඇත්තේ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විමම කොමිසමේ අභිමතාර්ථ හාස්‍යයට ලක් කරයි. ජාතිය ආගම කුලය හෝ වෙනත් සාධකයක් මත කිසිදු පුරවැසියකු නිතියේ වෙනස්කමකට හෝ භාජනය නොවිය යුතු බව කොමිසමට පවරා ඇති කාර්ය පටිපාටිය තුළ සදහන් වේ.

ගලගොඩ අත්තේ හිමියන් පසුගිය කාලය තුල ක්‍රියා කල ආකාරය මේ රටේ ජනතාවට අමතක වි නොමැත. මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් උන්වහන්සේ කල ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් රට තුළ ඇති කල තත්වය දර්ගා නගරය තුළින්ම පැහැදිලි විය. නිතියේ වෙනස්කම් පිළිබඳව විමසීමට පත් කරන ගලගොඩ අත්තේ හිමියන් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ට අධිකරණය තුලදිම සිදු කල ප්‍රකාශය නිසා අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට ලක්ව සිර දඩුවම් නියමව ජනාධිපති සමාව ලැබුණු අයෙකි.

නිතිය පසි දලිම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුතුය යන්න තහවුරු කිරිමට පත්කොට ඇති කාර්ය සාධක බලකායට ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පත්කිරීම රටේ උත්තරීතර නිතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද කල නිගරුවකි.

මෙම කොමිසම පත් කිරිමේ දෙවන හාස්‍යජනක තත්ත්වය වන්නේ ජනාධිපතිවරයා තම ධුර කාලයෙන් වසර දෙකක් ඉක්මවා යන විට මේ සදහා පියවර ගැනිමයි. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළමු පොරොන්දුව වුයේ ද එක රටක් එක නීතියක් යන්නයි. විසිවන සංශෝධනය තුළින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව පිවිසීමට අවස්ථාව සලසා ගැනිම, තමාට අවශ්‍ය පුද්ගලයන්ට එරෙහි නඩු ඉවත් කර ගැනීම, ඒ තුළ වින්දිතයින් නොසලකා හැරිම කුප්‍රකට දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන් සදහා යයි පත් කල ජනාධිපති කොමිසම හරහා අධිකරණය නියම කල දඩුවම් වෙනස්කරලිමට පියවර ගැනීම, එකී කොමිසම තුලින් විමර්ශන නිලධාරින් චුදිතයින් බවට පත්කිරීමට කටයුතු කිරිම තුල නිතියේ ආධිපත්‍යය පවා අභියෝගයට ලක්කරමින් එක රටක් එක නිතියක් යන්න විහිලුවට භාජනය කල පාලනයක් දැන් නින්දෙන් ඇහැරුනාක් මෙන් කාර්ය සාධක බලකා පිහිටවනුයේ රටත් ජාත්‍යන්තරයත් රැවටිමට මිස වෙනත් යමකට නොවේ .

එවැනි බලකායක රටේ දෙවනුව වැඩිම ජනගහනය වන දෙමළ ජනතාවගේ නියෝජිතයෙක් මෙන්ම, කාන්තා නියෝජනයක් ද නොමැති විම බරපතළ ගැටලුවකි.මෙවැනි කටයුතු තුලින් ආණ්ඩුව ඇදගෙන සිටින්නේ සිතාම්බර සලුවක් බව යලි යලිත් තහවුරු වේ.

රංජිත් මද්දුමබංඩාර.
මහ ලේකම්,
සමගි ජන බලවේගය

balavegaya FB IMG 1635385999840