රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ඉතා ඛේදජනක ලෙස අරාජිකත්වය කරා ගමන් කරමින් සිටී .බලයට පත් වූ දා සිටම ආර්ථික ,දේශපාලන ,සමාජීය ,වශයෙන් අසාර්ථක ක්‍රමවේද ඔස්සේ රට පාලනය කළ ආණ්ඩුව එම ගමනේ කූටප්‍රාප්තිය මේ මොහොතේ සටහන් කරමින් සිටී .
මේ සියලු අසාර්ථකත්වයන්ට නායකත්වය දුන් පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ජනාධිපතිවරයා එකී සියලු බංකොලොත්භාවයන් වසා ගනු වස් නවතම රංගනයක යෙදී සිටී .ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර එම ධුරයෙන් ඉවත් කරමින් එකී නාට්‍යයේ පළමු වැනි ජවනිකාව ආරම්භ කෙරිණ .එමෙන්ම තමන්ගේ වැඩ කටයුතු ඉටු කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගෙන් අවශ්‍ය කරන සහයෝගය නොලැබෙන බව ඔහු කියා සිටී .
වත්මන් ජනාධිපතිවරයා යනු මේ රටේ හැට නම ලක්ෂය කගේ තෝරා ගැනීමකි .එසේම මෙරට විධායක ජනාධිපති ධූරය යනු සකලවිධ බලතල තිබෙන ධූරය කි .ඔහු සිටින්නේ නීතියට ඉහළිනි .ලෝකයේ බලවත්ම බලවත් ම ජනාධිපතිවරයා ලෙස සැලකෙනුයේ ඇමරිකානු ජනාධිපතිවරයාය .නමුත් ඔහුද සිටින්නේ නීතියට යටත්වය .ඔහුට නීතියට පිටින් යම් දෙයක් කරන්නේ නම් එම ක්‍රියාවන් සම්බන්ධයෙන් පියවර ගැනීමේ බලය එරට අධිකරණය සතු ය .නමුත් ලංකාවේ ජනාධිපතිවරයා ගනු ලබන තීරණයක් බල රහිත කිරීමේ බලය මේ රට අධිකරණයට නැත .වත්මන් ජනාධිපතිවරයාට තිබෙන එම අත්තනෝමතික බලය ඔහු යොදවනු ලැබූයේ තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීමට නොව තමන් බලයට ගෙන ඒම සඳහා මුදල් වියදම් කළ මේ රටේ අන්ත දූෂිත ව්‍යාපාර පැලැන්තිය රැකගැනීම සඳහාය.
අධිකරණයෙන් මිනීමරුවකු බවට තීන්දු කළ දුමින්ද සිල්වාට ඔහු ජනාධිපති සමාව ලබා දුන්නා පමණක් නොව ආයතන සභාපති ධුරයක් ද පිරිනැමුවේය .එසේම මාධ්‍යවේදීන් ඝාතනය කිරීමට අදාළ චුදිතයන් සහ තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහා දර දිය අදින දූෂිත දේශපාලඥයන් නඩු වලින් නිදහස් කර ගැනීම සඳහා සිය විධායක බලතල යොදවනු ලැබීය . රාජ්‍ය නිලධාරීන් තමන්ට අවශ්‍ය කරන සහාය ලබා නොදෙන බව ඔහු සඳහන් කළ ද මේ රටේ රාජ්‍ය නිලධාරි ධූරාවලිය දෙස බැලීමේදී පෙනී යන කරුණක් පැහැදිලිය .එනම් 1994 න් පසු මේ රට මාරුවෙන් මාරුවට පාලනය කරනු ලැබූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ මේ රටේ වාම ලැදි ආණ්ඩුය .මේ රටේ රාජ්‍ය නිලධාරි තන්ත්රය අරක් ගෙන සිටිනුයේ වසර විස්සකට වැඩි කාලයක් මේ රට පාලනය කළ ඔවුන්ගේ ආණ්ඩු විසින් පත් කළ රාජ්‍ය නිලධාරීන් පැලැන්තියකි .යහපාලන ආණ්ඩුව සමයේ හිටපු ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පවසනු ලැබූයේ කුට්ටමේ කොළ කොහෙන්ද බැලූවත් රාජ්‍ය සේවයේ සිටිනුයේ පොදු පෙරමුණු ආණ්ඩු පත්කල නිලධාරින් බවය .එක දෙක තුන හතර ලෙස නිලධාරී ධුරාවලිය නිරීක්ෂණය කළ ද එහි තිබෙන සත්‍යතාවය තහවුරු කරගත හැකිය .ඔහු තමන්ට වැඩ කරන්නට බැරි ඇයි කියන්නේ තමන්ගේම නිලධාරි තන්ත්රය සමගය .
මෙහි තිබෙන සත්‍යය ඔහු පෙන්වන දේ නො වේ .ජනාධිපති ධුරය සඳහා පත්වීමට පත් වීමට අවම වශයෙන් රුපියල් බිලියන තුනක මුදලක් වැය වැය කිරීමට සිදුවේ .එම අරමුදල් කාගෙන් කොහෙන් ලැබෙනවා දැයි නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් ලංකාවේ නැත .මේ හේතුව මත මතය ජනාධිපති ගෝඨාභය පත් කිරීම සඳහා මුදල් වියදම් කළ කළු සල්ලිකාර ජාවාරම්කරුවන් රැකගැනීම සඳහා මේ ආණ්ඩුව බලයට පත්වූ දා සිට කටයුතු කළේය .එය මේ රටේ සාමාන්‍ය ජනතාවට කෙසේ වෙතත් සබුද්ධික පුරවැසියන්ට රහසක් වූයේ නැත .මේ රටේ විද්‍යුත් මාධ්‍ය මාෆියාව මෙන්ම මුද්‍රිත මාධ්‍ය මාෆියාව ද අත්පත් කරගෙන සිටින කළු සල්ලිකාර ධනපතියන් මේ රටේ පුරවැසියන්ට නම් අමුත්තන් නොවේ .මේ අයට ගොඩ ඒම සඳහා ඒම සඳහා අනුග්‍රහය දැක්වීම යනු රටේ ආර්ථිකය බංකොලොත් කිරීමට සෘජුව කරන මැදිහත් වීමක් බව අවබෝධ කරගැනීමට කර ගැනීමට ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් අවශ්‍ය කරන්නේ නැත .
ලංකාවේ මත්ද්‍රව්‍ය මාෆියාව මධ්‍යනය කිරීම සඳහා සුවිශේෂී බලයක් අවශ්‍ය අංශවලට ලබාදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම නතර වී නැත .ඉන් කියැවෙන්නේ එකී ජාවාරම්කාර පැලැන්තිය තවදුරටත් දේශපාලන බල අධිකාරියේ ආශිර්වාදය සහිතව මේ රටේ තව තවදුරටත් ක්‍රියාත්මක වන බවය .මෙම ජාවාරම්කාර පැලැන්තිය මුදල් වියදම් කරනුයේ ජනාධිපතිවරයාට පමණක් නොවේ .පාර්ලිමේන්තු අපේක්ෂකයන් සඳහා ද මුදල් යොදවනු ලබයි . එබැවින් බලයේ සිටින බහුතරයක් මැති ඇමැතිවරු ද මෙම ජාවාරම්කාරයන් වෙනුවෙන් පෙනී සිටී . මෙරටට පොහොර ගෙන්වීමේදී වූ වංචාවේ සිට ලංකාවේ කෘෂිකර්මාන්තය මුළුමනින්ම බිඳ වැටීමේ ඛේදවාචකය පිටුපස තිබෙන්නේ ද ලංකාවේ ජාවාරම්කාර ධනේශ්වරය තවදුරටත් රැක ගැනීම සඳහා රටේ ආර්ථිකය වලපල්ලට ඇද දැමීමේ අශීලාචාර සිදුවීම් දාමය මිස අන් යමක් නොවේ .
සියයට සියයක් අංග අංගසම්පූර්ණව නොවූවත් සාමාන්‍ය ජනතාවගේ කඳවුරේ සිට මෙම ජාවාරම්කාර ධනේශ්වර පැලැන්තිය සමග ගැටුමකට ගියේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසය .රටේ ප්‍රභූ පැළැන්තියේ ලෙස පෙනී සිටිමින් සාමාන්‍ය ජනතාවගේ ජීවිත සමග දූ කෙළියේ යෙදුණු ඔවුන්ට අභියෝග කළ ජනාධිපති ප්‍රේමදාස නිලධාරීන්ගෙන් වැඩ ගන්නා කලාව මැනවින් ප්‍රගුණ කළ අයෙකු ලෙස ඉතිහාසයට එක්ව ඇත .ඔහු දේශපාලන පක්ෂ පාට නොසලකා තමන්ගේ දේශපාලන දර්ශනය සහ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කරන නිලධාරීන් පිරිස ස්වකීය පායෝගික ඥානයෙන් තෝරා පත් කර ගත්තේය .ඔවුන් වැඩ කරන ආකාරය පෞද්ගලිකව අධීක්ෂණය කළේය .ඔහුගේ ප්‍රායෝගික දේශපාලන පරිචය ඇතුලේ නිලධාරීන්ට වාර්තා පමණක් ලබාදී ඔහු මුලා කිරීමට නොහැකි විය .ඔහුට නඩත්තු කිරීමට ප්‍රභූ පැළැන්තියක් නොවීය .ගම්මුදාව වැනි නව සංකල්ප කහ වූ ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටියේය .එබැවින් නිලධාරීන්ගෙන් වැඩ ගන්නා හැටි හැටි වත්මන් ජනාධිපතිවරයාට අවශ්‍ය නම් රණසිංහ ප්‍රේමදාස මහතාගෙන් ඉගෙන ගත හැකිය .නමුත් වත්මන් ජනාධිපතිවරයා කරන ආකාරයට ජාවාරම්කාර පැළැන්තිය රකිමින් සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහලට ඔසවා තැබීම මේ කපේදි කළ හැකි දෙයක් නොවේ .
නිඳුවර