පුද්ගලික දේපළ හිමිකාරීත්වය තුරන් කිරීම පිළිබඳ ජවිපෙ යෝජනාව ගැඹුරින් සැලකිල්ලට ගතයුතු බවත් එවන් අන්තගාමී ක්‍රියාමාර්ග තුළින් යහපතට වැඩියෙන් අයහපතක් සිදුවනු ඇතැයිද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවිඩයක් මගින් සදහන් කරයි.

පුද්ගල විමුක්තිය උදාකරනු වෙනුවට එමගින් පුද්ගල නිදහස යටපත් කෙරෙනු ඇති අතර ආර්ථික වෘද්ධියට බාධා පැමිණවෙනු ඇති බවත් සමාජයක් ලෙස අපගේ ප්‍රතිපත්ති තුළ අප රටේ හා ජනතාවගේ දේපළ ප්‍රවර්ධනය කෙරෙන බවට වගබලා ගන්නා අතර සමාජ සාධාරණත්වය හා සමානාත්මතාවය උදෙසා නිරන්තරයෙන් යත්න දැරිය යුතුව තිබෙන බවත් විපක්ෂනායකවරයා වැඩිදුරටත් සදහන් කරයි.