සත්‍ය තොරතුරු මත පදනම්ව ඕනැම මාධ්‍යක් හරහා ජනාධිපතිවරයා විවේචනය කිරීමට ජනතාවට හැකියාව ඇති බව සමගි තරුණ බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කණිෂ්ක ලැනරෝල් මහතා පවසයි .
ඔහු වැඩි දුරටත් කියා සිටියේ මහජන ඡන්දයෙන් තේරි පත් වූ ජනාධිපතිතුමා හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සත්‍ය තොරතුරු මත පදනම්ව විවේචනය කිරීමට ජනතාව ඇති මුලික අයිතිවාසිකමක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද භාෂණයේ නිදහස ලබා දී ඇති බවත් ජනාධිපතිවරයා විවේචනය නොකරන ලෙස පොලිසියට හෝ කිසිදු පුද්ගලයකුට කිව නොහැකි බව ද කියා සිටියේය .