ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යවරයා ලෙස 2024 වසර සඳහා රජයේ වියදම් ඇතුළත් අයවැය වර්තාව අද(13) දහවල් 12.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන පළමු අයවැය වනවා.
ඒ අනුව, 2024 වසර සඳහා වන රජයේ විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3,860ක් වන අතර, 2023 වසරේ රජයේ විසර්ජන කෙටුම්පත අනුව ඇස්තමේන්තුගත වියදම දැක්වුණේ රුපියල් බිලියන 3,657 ක් ලෙසයි.
පසුගිය වසරට සාපේක්ෂව 2024 වසර සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 203කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය පිළිබඳ විවාදය හෙට (14) දිනයේ සිට ලබන 21වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දින පස්වරු 6ට පැවැත් වනවා.
අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 වැනි දින සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 13 වන දින පස්වරු 6ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ, ඉතිහාසයේ බරපතළම අභියෝගාත්මක අය – වැය බවට මෙවර අයවැය පත්වනු ඇති බවයි.