ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

බයිඩෙන්ගේ 53 හැවිරිදි පුත් හන්ටර් බිඩෙන්ගේ විදේශ ව්‍යාපාරික ගනුදෙනුවලින් අනිසි ලෙස ප්‍රතිලාභ ලැබුවේ දැයි පරීක්ෂා කිරීම කෙරෙහි මෙම දෝෂාභියෝගයේ අවධානය යොමු වී ඇති බවයි Aljazeera පුවත් සේවය වාර්තා කරන්නේ.

විදෙස් මාධ්‍යය වාර්තා කළේ ජෝ බයිඩන්ට එරෙහිව එල්ල වී ඇති දූෂණ ගනුදෙනු සම්බන්ධයෙන් මෙම දෝෂාභියෝගය ගෙන ඒමට සැලසුම් කර ඇති බවයි.

අදාළ දෝෂාභියෝග විමර්ශනය සඳහා වූ යෝජනාවට නියෝජිත මන්ත්‍රී මණ්ඩල ඡන්ද විමසීම ඊයේ (13) පවත්වා තිබුණා.

 එහිදී අදාළ යෝජනාවට පක්ෂ ව ඡන්ද 221ක් ලැබී ඇති අතර, විපක්ෂ ව ලැබි ඇත්තේ ඡන්ද 212ක් පමණයි.

කෙසේවෙතත්, තමන්ට එල්ල වන මෙම දූෂණ චෝදනා ඇමෙරිකන් ජනාධිපති බයිඩන් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඇමෙරිකන් ජනාධිපතිවරණය 2024 දී පැවැත්වෙන අතර ජෝ බයිඩන්ද ඊට ඉදිරිපත් වීමට නියමිතයි.