පත්වන නව ජනාධිපති කවුරුන් වුවද මෙරටට උපකාර කරන මෙන් ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට දේශපාලන පක්ශවලින් ඉල්ලා සිටී.

” හෙට දිනයේ පත්වන නව ජනාධිපති කවුරු වුවද මෙම මොහොතේ රටට හා ලාංකික ජනතාවට උපකාර කරන ලෙස මම ඉතා අවන්කව හා නිහතමානීව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුලු සියලු ඉන්දීය පක්ශ වලින් හා ඉන්දීය ජනතාවගෙන් ඉල්ලා සිටිමි”

සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තවදුරටත් සදහන් කර ඇත්තේ මේ රටේ ජනතාව වැටීතිබෙන තත්වයෙන් කෙසේ හෝ ගොඩගත යුතු බවයි.