මේ සතිය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ජනාධිපතිවරණය පවත්වන දිනය මේ වනවිටත් තීරණය කර ඇති බවයි.

ජනාධිපතිවරණ දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම මේ සතිය අවසන් වීමට පෙර සිදු කරන බව ද ඔහු පවසා තිබුණා.

මේ අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක් ලබන බදාදා හෝ බ්‍රහස්පතින්දා පැවැත්වෙන බව පැවසෙනවා.

එහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමිවී අදට දින 5 ක්.