වත්මන් ආණ්ඩුව විසින් සමාජ මතය යටපත් කිරීමට ගෙන ආ Online පනත, එම පනත සම්මත කරගත් පිරිසටම බලපෑම් එල්ල කරන බවත් මෙම පනත අනීතික ලෙස සම්මත කරගැනීම හරහා ජනාධිපතිවරයා ඉතාමත් ලොකු වැරද්දක් කරගෙන තිබෙන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
විපක්ෂය විසින් දිගින් දිගටම ඡන්දයක් ඉල්ලා සිටියදී ඒ පිළිබඳව කිසිඳු තැකීමක් නොකර, පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව අනිතිකව සම්මත කරගත් මෙම පනතට තමා සම්පුර්ණයෙන් විරුද්ධ වන බවත් සමගි ජන බලවේග රජයක් තුල ප්රජාතන්ත්රවාදයට වැට බඳින මෙවැනි පනත් ඉවත් කරන බවත් එතුමා මෙහිදී අවධාරණය කර සිටියේය.
එතුමා වැඩිදුරටත් කියා සිටියේ සමාජය මාධ්‍ය තුලින් සිදුවන ලාමා හිංසන, කාන්තා හිංසන ආධිය අවම කරගැනීමට මාධ්‍ය නියාමනයක් අවශ්‍ය නමුත් රජය විසින් ගෙන ආ මේම බරපතල පනත මගින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ ප්රජාතන්ත්රවාදී අයිතීන්ට පමණක් නොව රටේ ඩිජිටල් ආර්ථිකයටත් ඉතාමත් අවාසිදායක ප්‍රතිපල අත්වන බවයි.
Online Safety Bill