මර්දනය දිහා බැලුවම අපිට පේන්නේ ජනාධිපතිතුමා අරගලය තුලින් බලයට ඇවිල්ලා අරගල කරුවන්ටම මර්දනය දියත් කරනවා, අද (23) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසීය.
ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.එම් මරික්කාර් මහතා
ආණ්ඩුව කරන මේ මර්දනය දිහා බැලුවම අපිට පේන්නේ ජනාධිපතිතුමා අරගලය තුලින් බලයට ඇවිල්ලා අරගල කරුවන්ට මර්දනය දියත් කිරීමක්. ඒ හරහා පෙනී යන්නේ මේක හරියට 2015 දී එතුමාව බලයට පත් කරන්න ආපු එක්සත් ජාතික පාක්ෂිකයන්ට ගහපු වගේ වැඩක්. හැමදාම තමන්ව බලයට පත් කරන කෙනාට ගහන එක තමයි එතුමාගේ වැඩේ. පාක්ෂිකයන්ට රැකියා දුන්නේ නෑ, සමෘද්ධිය දුන්නේ නෑ, පාක්ෂිකයන් කලකිරීමට ලක් කෙරුවා ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වෙලා සමගි ජන බලවේගය කියලා එකක් හැදුනේ. ඒ වගේම අරගලය තුලින් තමයි මේ ජනාධිපතිවරයා බලයට ආවේ එතුමාව බලයට පත් කරපු මේ අරගල කරුවන් ගෙන් පලිගැනීමක් සිදු කරනවා එය අලුත් දෙයක් නෙමෙයි එතුමාගේ විදිය .ඒ නිසා අපි කියනවා එතුමා හිතන්නේ මර්දනය හරහා ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කරන්න, පොහොට්ටුවේ අයගේ හිත දිනාගන්න පුළුවන් කියලා ඒක මිත්‍යාවක්. මොකද තව දුරටත් මේ මහ පොළොවේ සක්‍රිය දේශපාලන පක්ෂ දෙකයි ලංකාව තුළ තියෙන්නේ එය සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් පමණයි .එක්සත් ජාතික පක්ෂයත් නෑ පොදුජන පෙරමුණ කියලා පක්ෂයත් දැන් නැහැ ඒ නිසා 69 ලක්ෂයක ජනවරමක් දැන් නැහැ. ජනාධිපතිතුමා හිතනවනම් පොහොට්ටු පාක්ෂිකයන්ගේ හිත දිනා ගන්න පුලුවන් පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ හිත දිනාගන්න පුළුවන් ඒ හරහා ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නැහැ.
මම දැක්කා ඔක්සිජන් එපා කියපු පුත්තලම් බූරුවෙක් කියලා තිබුනා අපි පත් කරපු ජනාධිපති අපිට ඕන විදිහට ඉන්න ඕනේ කියලා .එතකොට අපි අහනවා දැන් මේ ජනාධිපති තමා ඒගොල්ලන්ට ඕන විදියට ද හැසිරෙන්නේ මොකද අපිට දැනගන්න ඕන අරගලය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් නම් අරගලය හරහා එලවපු ජනාධිපතිවරය එළවීමත් රාජ්‍ය විරෝධී දෙයක් නම් ඒ හරහා අලුතෙන් ජනාධිපති කෙනෙක් පත්වීමත් රාජ්‍ය විරෝධී දෙයක් එහෙම නම් අරගලය නීති විරෝධී නම් ජනාධිපතිතුමාගේ පත්වීමත් නීති විරෝධී එහෙම වෙන්න බෑ ඒ නිසා අපි ඉතාමත් පැහැදිලිව කියන්න ඕන මානව හිමිකම් කඩකිරීම් ප්රජාතන්ත්රවාදය විනාශ කිරීම හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම ත්‍රස්තවාදී පනත අයුතු ලෙස පාවිච්චි කිරීම මේ ඔක්කොම රටකට බලපානවා මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණා කියලා මේ ක්‍රියාන්විතයන් ඔක්කොම වෙනවා නම් රටකට ආධාර හම්බ වෙන්නේ නෑ ඉස්සර ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරනවා කියලා අපි කියනකොට සමහර පොහොට්ටු හාදයෝ ඇහුවා ප්රජාතන්ත්රවාදය කන්නද කියලා දැන් කෙල උනාම තේරෙනවා ප්රජාතන්ත්රවාදයේ වටිනාකම ප්රජාතන්ත්රවාදය තියෙනවනම් තමයි පුරවැ සිනිදහස තියෙන්නෙ එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙන්න පුළුවන් ලෝක බැංකුව වෙන්න පුළුවන් ආසියානු සංවර්ධන බැංකුව වෙන්න පුළුවන් ඒවායේ ආධාර උපකාර හම්බ වෙන්නේ එහෙම නැතුව මර්ධනය ක්‍රියාත්මක කරලා මූලික මිනිස් අයිතිවාසිකම් නැති නීතියේ ආධිපත්‍යය නැති රටකට මාධ්‍ය නිදහසක් නැති රටකට ආධාර ලැබෙන්නේ නෑ. ජුලියන් බෝලින් වගේ අයව අරගලය කරපු අයව මාධ්‍ය ආයතන ප්‍රධානීන් අද ඔක්කොම ගෙන්වනවා මොකටද බය කරන්න එහෙම කොටසක් අත්අඩංගුවට ගත්තා කියලා එහෙම මිනිස්සු බය වෙන්නේ නෑ අපේ එකක් පැහැදිලිව කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයට තියෙන්නේ තව අවුරුදු දෙකයි ජන වරමක් නැති ජනාදිපතිවරයා ආයෙත් පාරක් ඡන්දෙන් දිනන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආයෙත් ඡන්දයකින් ජනාධිපති වෙන්නේ නෑ ඒ නිසා නීති විරෝධී උපදෙස් ක්‍රියාත්මක කරන සියලු නිලධාරීන්ගෙන් මතක් කර දෙන්න කැමතියි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ සදාකාලික ජනාධිපති නෙමෙයි අවුරුදු දෙකකින් පස්සේ අලුත් ආණ්ඩුවක් එනවා වැරදි වැඩ කරලා තිබුනොත් වගකියන්න වෙන්නේ තමුන්නාන්සේලාට. මතක ඇති සිල් රෙදි නඩුව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට අනූෂ පැල්පිටට හිරේ ලගින්න වුණා තවත් රාජ්‍ය නිලධාරීන් ගණනාවකට වැරදි උපදෙස් ක්‍රියාත්මක කරලා විවිධ නඩු වැටුණා සමහර අයට හිරබාරයට පත්වෙන්න වුණා ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයට උපරිම කාලය තියෙන්නේ තව අවුරුදු දෙකයි කියන එක සියලු නිලධාරීන් මතක් කරගන්න කියන එක අපි කියන්න කැමතියි.
ඒ වගේම තමයි මට තේරෙන්නේ නෑ වසන්ත මුදලිගේ වැනි ශිෂ්‍ය නායකයෙකුට මෙච්චර බය ඇයි කියලා කොච්චර ශක්තිමත් නායකයෝ නම් ඔච්චර වැඩකාර නායකයෝ නම් රටේ ආර්ථිකයේ ගොඩ දාන්න පුළුවන් නම් රටේ ණය බර පියවන්න පුළුවන් නම් රටේ සියලු දේ හරි අතට ගන්න පුළුවන් නම් වසන්ත මුදලිගේ වගේ කෙනෙක්ව මාස තුනක් ඇතුලට දාන්නේ මොකද. ඒ නිසා මර්දනය වහාම නවත්තලා පොහොට්ටු කාරයන්ව සතුටු කරන එක නවත්තන්න අපි රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලිව කියන්න කැමතියි එතුමා කොච්චර පොහොට්ටුවේ කට්ටියව සතුටු කෙරුවත් ඒ කට්ටිය පාවිච්චි කරන්නේ එතෙර වෙන්න පාලමක් විදිහට මොකද අපට දැන් තේරෙනවා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙන ද්විත්ව පුරවැසි කම මොළ හතේ බැසිල් රාජපක්ෂට නැවත පාර්ලිමේන්තු පැමිණීම වැලැක්වීමේ වගන්තිය පරද්දන්න ප්ලෑන් කරනවා මේ රටේ සියලු දෙනාම දන්නවා මහ බැංකුව මංකොල්ල කාපු අර්ජුන් මහේන්ද්‍ර ද්විත්ව පුරවැසියෙක් මේ රටේ ආර්ථිකය විනාශ කරපු බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසියෙක් මේච්චර පාඩම් ඉගෙනගෙන තියෙද්දි මෙච්චර කෙලවිලා තියෙද්දි තවදුරටත් ද්විත්ව පුරවැසියන් මේ රටට ආදරේ නෑ ඔවුන් තමන් අනාගතයේ ජීවත් වෙන්න නියමිත රටට තමයි ආදරේ ඒ නිසා එවැනි අය මේ පාර්ලිමේන්තුවට රජයේ ඉහළ තනතුරුවලට සුදුසු නෑ කියන එක ඕන කෙනෙකුට තේරෙද්දි පොහොට්ටු මන්ත්‍රීලා බැසිල් රාජපක්ෂ මහත්තය එක්ක එකතුවෙලා වගන්තිය පරද්දන්න හදනවා එතකොට ජනාධිපතිතුමාගේ විධායක බලය කෝ පොහොට්ටුවෙන් ලැබෙනවා කියපු සහාය කෝ පොහොට්ටුවේ කට්ටිය ඉන්නවා කියන කතාව කෝ ඒ නිසා පැහැදිලිව කියන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඒ කණ්ඩායමේ දේශපාලනය ඔතනින් ඉවරයි ඒ නිසා බැසිල් රාජපක්ෂ කරන්නේ එයාට ඕනදේ මේ පාර්ලිමේන්තුව විකෘතියක් කියන්නේ ඒකයි ජනාධිපතිවරයාට ජනමතයක් නෑ ආණ්ඩුවට ජනමතයක් නැහැ විකෘති ආණ්ඩුවක් විකෘතියක් නියෝජනය වෙන්නේ තවදුරටත් ජනවරමක් මහපොළොව ඔවුන්ට නෑ ඒ නිසා අපි පාර්ලිමේන්තුව වහා විසුරුවන්න කියලා මේ ජනාධිපතිවරයාට කියන්න කැමතියි දැන් රටේ තත්වය සන්සුන් නම් එතුමන්ලා හිතනවා නම් ආර්ථිකයක් ගොඩ දාලා තියෙනවා කියලා ඒගොල්ලන්ට තවදුරටත් ජන මතයක් තියෙනවා කියලා හිතෙනවනම් මේ විකෘතිය පරීක්ෂාකර බලන්න වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් තියලා ජනතාවගේ ජනමතයට ඉඩ දෙන්න කියන එක ඉල්ලීමක් කරනවා කිසිසේත්ම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඔවුන්ට අදහසක් නැත්නම් අපි රටේ ප්‍රධාන විපක්ෂය හැටියට වහාම මැතිවරණයක් ඉල්ලා ගමින් ගමට නගරයෙන් නගරයට ජනතාව පෙළ ගස්වන්න සූදානම් කියන එක පැහැදිලිව කියනවා.