අන්තර්ජාලයෙන් හෝ රූපවාහිනියේ හෝ වෙනත් මාධ්‍යයක හෝ ජනාධිපතිවරයාට අගමැතිට රජයේ නිලධාරීන්ට හෝ වෙනත් ඕනෑම අයෙකුට එරෙහිව තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ප්‍රකාශ කරන අවස්ථාවක එම වචන අපහාසයක් උපහාසයක් වුණත් පොලිසියටඅත්අඩංගුවට ගැනීමට නොහැකි බවත් එසේ අත්අඩංගුවට ගැනීමක් වෙනවා නම් සමගි ජන බලවේගය මගින් ඒ අයට නීති ආධාර ලබා දිමටත් නොමිලේ නීතිඥ රැකවරණය ලබා කටයුතු කරනවා දීමටත් කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක නීතීඥ අජිත් පී පෙරේරා මහතා පවසයි .

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

වැඩි දුරටත් පැවසූ අජිත් පී පෙරේරා මහතා ,

“පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා ප්‍රකාශයක් කළා ජනාධිපති තුමාට අපහාස වුනොත් රජයේ කටයුතු වලට අපහාස කළොත් ඒ අයව අත්අඩංගුවට ගන්නවා ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා .මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවෙන් සහතික කර තියෙන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් .පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා මෙය නොදැන කියනවා නෙමෙයි එතුමාත් මේ රාජ්‍ය කරණයේ තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙලේ කොටසක් බවට පත්වෙලා රටේ පුරවැසියන්ට තර්ජනය කරන අනීතික පදනම මත තර්ජනය කරන රටේ නීතියට පරිබාහිරව කාරණා ජනතාව මත පතුරවන්න උත්සාහ කරන තවත් එක් නිලධාරියෙක් බවට පත්වෙලා තියෙනවා. එතුමට ඊට වැඩිය විශාල වගකීමක් තියෙනවා නීතිය නීතිය හැටියටත් රටක පොලීසිය රටේ රාජ්‍ය ආරක්ෂා කරන්න වගේම පුරවැසියන්ගේ ආරක්ෂාවටත් පෙනී සිටින්න අවශ්‍යයි.

එතුමා සඳහන් කරනවා දණ්ඩ නීති සංග්‍රහය 120 වගන්තිය පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය භාවිතය පිළිබඳව අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා කිහිපයකම අර්ථ විවරණ දීලා තියෙනවා බොහොම පැහැදිලිව සුප්‍රකට 768/2000 9 කියන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ දී වනසුන්දර විනිශ්චයකාර තුමිය ජයවර්ධන ගුණරත්න විනිශ්චකාරතුමා කියන ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය රටේ ඉහලම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ දී තීරණය කරලා තියෙනවා .නඩු දැමීමට පදනමක් නොවෙයි ණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ ප්‍රචණ්ඩත්වයෙන් රජයට එරෙහිව කටයුතු කර කවුරු හෝ 120 අදාල කරන්න පුළුවන් අපහාසාත්මක ද නැද්ද කියන කාරණය මත නෙමෙයි 120 අදාළ කරගන්නේ එම නිසා පළපුරුදු නීතිඥවරයෙක් හැටියට සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක හැටියට මම කියන්න කැමැතියි කිසියම් හෝ කෙනෙක්ව අන්තර්ජාලයෙන් හෝ රූපවාහිනියේ හෝ වෙනත් මාධ්‍යයක හෝ ජනාධිපතිවරයාට අගමැතිට රජයේ නිලධාරීන්ට හෝ වෙනත් ඕනෑම අයෙකුට එරෙහිව තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ප්‍රකාශ කරන අවස්ථාවක එම වචන අපහාසයක් උපහාසයක් වුණත් පොලිසියට බැහැ අත්අඩංගුවට ගන්න එසේ අත්අඩංගුවට ගැනීමක් වෙනවා නම් සමගි ජන බලවේගය හැටියට අපි ඒ අයට නීති ආධාර ලබා දෙන්න කටයුතු කරනවා එය නොමිලේ නීතිඥ රැකවරණය ලබා දෙන්න කටයුතු කරනවා මේ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය බොහොම පැහැදිලිව කටයුතු කර තිබෙනවා 120 වැනි රජ කාලේ වගන්තිය තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා කටයුතු කරන අයට මේ වගන්තිය අදාළ කරගන්න බැහැ කියලා පැහැදිලි කර තිබෙනවා ඒ කියන්නේ ආණ්ඩුවේ අඩුපාඩුකම් කියලා දුන්නා කියලා ආණ්ඩුව විවේචනය කරා කියලා පොලිසියට බැහැ අත්අඩංගුවට ගන්න එම නිසා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාගේ ප්‍රකාශය දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියෙ තියෙන සාරයට පටහැනි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වලින් කරල තියෙන අර්ථ විවරණ වලින් පටහැනි රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි ව්‍යවස්ථාවට පටහැනි ඒ විතරක් නෙමෙයි 2002 වසරේ ජනවාරි මාසේ මේ රටේ ජනමාධ්‍ය වල ආරක්ෂාව උදෙසා එවකට තිබුණු නීතියක් වන සාපරාධී අපහාස නීතිය දණ්ඩ නීති සංග්‍රහයේ කොටසක්ව තිබුනේ එම නීතිය පාර්ලිමේන්තු පනතකින් ඉවත් කළා දැන් රටේ ජනාධිපති වුණත් අගමැති වුණත් ඇමති කෙනෙක් වුණත් රජයේ නිලධාරියෙක් වුණත් හෝ වෙනත් පුරවැසියෙක් වුණත් අපහාසයක් සිදු වුණා කියලා තමන් හිතෙනවා නම් එවැනි වෙලාවට ඔහුට තියෙන එකම සහනය දිසා අධිකරණයේ සිවිල් නඩුවක් පැවරීමක් පමණයි .

හූ කියන එක අපේ සංස්කෘතිය කොටසක් හූ කියන ඇතැම් විට සතුටටත් විරෝධය ප්‍රකාශ කරන්නත් අසතුට ප්‍රකාශ කරන්නත් පාවිච්චි කරන සන්නිවේදන උපක්‍රමයක් .ඒ නිසා ඔහු කිවුවා කියලා ජනාධිපතිට අගමැතිට මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට හූ කිව්වා කියල දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ අත්අඩංගුවට ගන්න බැහැ එහෙම කරනවනම් එය මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් වෙනවා එම නිසා අපි ප්‍රචණ්ඩත්වය අපි අනුමත කරන්නේ නැහැ කුණුහරුප කියන එකත් අනුමත කරන්නේ නැහැ නමුත් පුරවැසියෙකුට තමන්ගේ හෘද සාක්ෂිය හැටියට මේ රටේ පාලකයන්ට එරෙහිව තමන් විශ්වාස කරන දේ ආසීමිතව කියන්න තියෙන අයිතිය අපි පිළිගන්නවා ඒක දශක කිහිපයක් පුරා අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය පිළිඅරගෙන තියෙනවා එම නිසා පොලිස් දෙපාර්තමේන්තුවට අපිට කියන්න වෙන්නේ රටේ නීතිය අනුව කටයුතු කරන්න පාලකයා වෙනුවෙන් කටයුතු කිරීම නෙමෙයි ඔබගේ වගකීම උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පැවරී තිබෙන වගකීම ඉටු කරන එක පාලකයන් ආරක්ෂා වෙන්නේ එවිටයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ තල්දූව මහත්මයා මෙවැනි ප්‍රකාශයක් කිරීමෙන් අපට පේනවා පොලිසිය පාලකයා තමන්ගේ ආයුධයක් වශයෙන් පාවිච්චි කරන්න උත්සාහ කරනවා කියලා. ආණ්ඩුව අප්‍රසන්න වෙනකොට පුරවැසියෝ පීඩාවට පත් වෙනකොට ගොවියා අසරණ වෙනකොට මාධ්‍ය තීරණය කලත් කරන්න සමාජ මාධ්‍ය පීඩනයට ලක් කරන්න අසරණ වෙච්ච පුරවැසියන්ගේ හඬ නතර කරන්නයි මේ උත්සාහය අරගෙන තියෙන්නේ අපි ඒ පුරවැසියන් වෙනුවෙන් පක්ෂ පාට භේදයක් නැතුව පෙනී සිටිනවා සමගි ජන බලවේගය හැටියට අපි ඕනෑම පක්ෂ සාමාජිකයෙකුට නීතිඥ සහයෝගය ලබා දෙනවා ඒක් අපේ වගකීමක්.

රටේ තනතුරු නො දරන පුරවැසියාගේ අයිතිය ගැනයි මම කතා කරන්නේ .පුරවැසියාගේ අයිතියයි උත්තරීතර. සුසිල් ප්‍රේම ජයන්ත මහත්මයා මන්ත්‍රීවරයෙක් ඇමති කෙනෙක් වෙන්නේ පුරවැසියා නිසා එතුමාගේ තනතුරෙන් අස්කරන්න ජනාධිපතිතුමාට පුළුවන් හැබැයි අත්අඩංගුවට ගන්න ජනාධිපතිට බැහැ පොලීසියටත් බැහැ පුරවැසියන්ට විරුද්ධව ක්‍රියා කරන්න පොලිසියට අයිතියක් නැහැ තනතුරක් තිබුණත් නැතත් ඕනෑම පුරවැසියෙකුට තමන්ගෙ ආණ්ඩුව විවේචනය කරන්න පුළුවන් එදා රජ කාලෙත් ඒ අයිතිය තිබිලා තියනවා 120 වගන්තියෙ අවුරුදු එකසිය පනහකට කලින් වගන්තියක් හදනකොට රජ්ජුරුවන්ව නීතියට අනුකූලව නීතියක් තිබිලා තියෙනවා ඒ දැන් ඉවත් කරන්න බැහැ රාජපක්ෂලාට.”