වසර 2ක් ගතවන වීට ජනාධිපතිතුමාගේ අසාර්ථකත්වය වසා ගැනීමට විවිධ පාර්ශ්වයන්ට දෝෂාරෝපණය කීමට පටන් අරන් ඇති බව සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ ,

“69 ලක්ෂයක ජනවරමක් ලබාදී තුනෙන් දෙකක පාර්ලිමේන්තුව බලයක් ලබාදී 19වන ආණ්ඩුකම ව්‍යවස්ථාව ඉවත්කර 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සම්මත කරගෙන වසර 2 ගතවන මේ මොහොතේ ජනාධිපතිවරයා තමන්ගේ අසාර්ථකභාවය වසා ගැනිමට විවිධ පාර්ශ්වයන්ට හා රජයේ නිළධාරීන්ට දෝෂාරෝපණය කරන්න පටන් අරන් තියෙනවා .

රටේ ජනතාව ආණ්ඩුවටයි ජනාධිපතිවරයාට අප්‍රසාදය පල කරන්න පටන් අරන් තියෙනවා

අපි කියනවා ජනාධිපතිවරයාට ගම සමග පිළිසදරක් ගොවියන් සමඟ පවත්වන ලෙසයි

ජනාධිපති ජාතිය අමතනවා වගේ රටේ ජනතාවට අවස්ථාවක් ලබා දුන්නොත් ජනාධිපති අමතන විධිය බලා ගන්න පුලුවන්”

මේ අදහස් දැක්වුවේ ඉදුරුව සමගි ජන බලවේගයේ ශාඛ සමිති පිහිටුවමින්ය.