අද මුදල් අමාත්‍යංශයේ ලේකමුත්, මුද්‍රණාලයාධිපතිත්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිත්, ජනාධිපති යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.මේ රටේ ව්‍යවස්ථාවත්,ජනතා පරමාධිපත්‍යත්, උත්තරීතර නීතියත් උල්ලංඝනය කරමින් මැතිවරණ දින ප්‍රකාශයට පත් කරන්නේ ජනාධිපතිවරයා යැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.

ජනාධිපතිවරණ වේදිකාවක සිටියදී ගාමිණි දිසානායක මැතිතුමා ඝාතනය කළ බවත්, ඒ ආකාරයටම මැතිවරණ වේදිකාවේ දී ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කළ බවත් සිහිගන්වමින් ආණ්ඩුවේ ඇතමුන් මැතිවරණය පිළිබඳව පිහියක් මවා ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුව එයින් අනියමින් ගම්‍ය කිරීමට උත්සාහ කරන්නේ නීතිය බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද වාරියපොල ප්‍රදේශ පැවැති ජන හමුවකට එක් වෙමිනි.

සමගි ජන බලවේගය පෞද්ගලික ව්‍යවසාය කෙරෙහි විශ්වාසය තබන බවත් රට ගොඩනැඟිය හැක්කේ ඔවුන්ට බවක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය. සියල්ලම රජයට කළ හැකි යැයි විශ්වාස කරන්නේ නම් එය මුළාවක් බව පැවසූ විපක්ෂ නායකතුමා එවැනි මිත්‍යාවන්ට නොරැවටෙන ලෙසද ඉල්ලා සිටියේය.