සමගි ජන බලවේගයෙ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත්කල විශේෂ නිවේදනය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස අසලදී sirasa newsfirst මාධ්‍යවේදීන් පිරිසකට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ට පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එල්ල කළ අමානුෂික ප්‍රහාරය සමගි ජන බලවේගය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
රටේ ජනමතය පසෙකලා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටීමට උත්සාහ දරන අග්‍රාමාත්‍යවරයා ජනමාධ්‍යවේදීන්ට මෙලෙස ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කිරීම මාධ්‍යවේදීන්ගේ නිදහස සහ තොරතුරු වාර්තා කිරීමට ඇති නිදහස බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි .
මේ පිළිබඳව සමගි ජන බලවේගය ගත හැකි සියලුම පියවරයන් ගන්නා බවද අවධාරණය කරමු