මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇති පරිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රීට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් වන විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම නියෝගය සිදුකර තිබෙනවා.

පසුගිය කාල වකවානුවේ ජනතාවගේ දැඩි විරෝධය මත පාලන බලය හොබවමින් තිබූ ආණ්ඩුව ප්‍රතික්ෂේප විය. මේ තත්ත්වය මත මුළු මහත් ජනතාවම සහ සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ ඉල්ලා සිටියේ නැවත ජනවරමක් උරගා බැලීමට මැතිවරණයක් පැවැත්විය යුතු බවයි. ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තිබූ සියලුම බාධාවන් වලට පිළිතුරු අද උත්තරීතර අධිකරණය විසින් ලබාදුන්නේය. ඒ අනුව මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නැති බවට අධිකරණය විසින් දන්වනු ලැබීය.