අද රටේ ජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් නොමැති හෙයින් ජනතාව පාරට බැස ඇති බවත් එහෙයින් ජනතාව මර්දනය කිරීම සදහා තුවක්කු පෙන්වන්න ලෑස්ති නොවන ලෙස සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා ආණ්ඩුවට කියා සිටියේය .

ඔහු කියා සිටියේ ලංකා ඉතිහාසය තුල බෑරැරුම්ම ප්‍රශ්න වලට වර්තමානයේ රට මුහුණ දී සිටින බවයි.

විපක්ෂය ලෙස මීට වසරකට පෙර මේ ප්‍රශ්න පැන නැගෙන බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ නමුත් එවාට ආණ්ඩුවට ඇහුම්කන් නොදුන් බව ද, මන්ත්‍රීවරයා පැවසීය .

අද වසර 74ක් ගැන කතා කිරීමට අවශ්‍ය නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වී වසර දෙකක කාලයක් තුල කුමක්ද කළේ යන්න විමසා සිටියේය .

මෙම අර්බුදකාරී තත්ත්වයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රාජපක්ෂ ආණ්ඩුව වගකිව යුතු බව මන්ත්‍රීවරයා පැවසීය .

මෙසේ කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේ දීය .

සටහන – CJ