ගාලු මුවදොර ඒවා, රටේ කුමන තැනක හෝ වේවා මේ රටේ ජනතාව ඉල්ලා සිටින්නේ මේ දුර්දාන්ත ආණ්ඩුව සහ මුලින්ම ගෙදර යවන ලෙසත්, ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය ඇප කැප වෙන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතාවගේ හඬට සහ ජනතාවගේ ඉල්ලීමට පිටින් තමන් කිසිවක් සිදු නොකරන බවත්, වර්තමාන ජනාධිපතිවරයා හෝ රාජපක්ෂ පවුලේ කිසිවකු සමග ආණ්ඩු කරන්නයැයි ජනතාව ඉල්ලා නොසිටින බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ දේශපාලන පලිගැනීමට ලක්වූවන්ගේ සම්මේලනය අමතමිනි. එය කොළඹ නවනගර ශාලාවේ දී අද (25) පැවැත්විණි. පොහොට්ටුව සමග ආණ්ඩු හදා හොරු අල්ලන්න බැරි බවත්, ඔවුන් සමග ආණ්ඩු කරන්නයි ජනතාව ඉල්ලා නොසිටින බවත් ඒ මහතා පැවසීය.

එදා රට භාරදෙන විට ඇමරිකානු ඩොලර් බිලියන 7ට වඩා සංචිත තිබූ බවත් අද ආණ්ඩුව ලෝකෙ පුරා කැට හොල්ලමින් යන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.