වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 ක් දක්වා වැඩිකරන ලෙස ජනාධිපතිවරයා සහ ආණ්ඩුව කම්කරු දිනයේදී ප්‍රකාශ කලත් වතු හාම්පුතුන් 1700ක වැටුප ලබාදිය නොහැකි බව ප්‍රකාශ තිබෙන බවත් වතු කම්කරුවන්ගේ වටුපස් රුපියල් 1700 ක් දක්වා වැඩි කිරීමට නොහැකිනම් තේ වතු ඉඩම් පවරාගෙන සමාගමකට ලබාදෙන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙන බවත් නමුත් වතු හාම්පුතුන් එයට එරෙහිව කටයුතු කරන බවත් හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රකාශ කර සිටිනවා.
වතුවල සේවය කරන අහිංසක ජනතාව සුරං කන එක වාහම නවත්වන ලෙසත් ඡන්ද භාණ්ඩයක් ලෙස දුක් විදින වතු කම්කරුවන්ව විකුණන්න සුදානම් නොවන ලෙසත් අහිංසික මිනිස්සුව බිල්ලට දෙන දේශපාලනය වහාම නතර කලයුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර සිටිනවා.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මේ බව සඳහන් කළේය.
වතු කම්කරුවන්ට තිබෙන අධ්‍යාපන, සෞඛ්‍ය, විදුලි, ජල ප්‍රශ්න පිළිබඳව හාමිපුතුන් සමඟ සාකච්ඡා කොට නිවැරදි වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කල යුතු බවයි මෙහිදී ඒ මහතා කියා සිටින්නේ.
පසුගියදා පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවේදී කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ වතු හාම්පුතුන් සමඟ වතු කම්කරුවන්ගේ වැටුප් ප්රශ්නය පිළිබඳ සාකච්ඡා කළ බවත් එහිදී වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700 ක් දක්වා වැඩි කරන්න ආණ්ඩුව ගත් තිරණය අදාල පාර්ශ්ව සමඟ සාකච්ඡා නොකර අත්තනෝමතික ලෙස ගත් ඡන්ද පොරොන්දුවක් පමණක් බව හෙළි වූ බවත් ආණ්ඩුව විසින් නිසියාකාරව සාකච්ඡා කර මේ සඳහා විසදුමක් ලබාදෙන ලෙස සමගි ජනබලවේගය වෙනුවෙන් හෙක්ටර් අප්පුහාමි මහතා ඉල්ලා සිටිනවා.