රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ආණ්ඩුව මැතිවරණ පැවැත්වීමට බයේ සිටින බවත් ජනාධිපතිවරණයකදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස පවත්වන ඕනෑම ඡන්දයකට සමගි ජන බලවේගය සුදානමින් සිටින බවත් ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කබීර් හෂීම් මහතා පවසා සිටියේ සමගි ජන බලවේගය සැම අවස්ථාවකම සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාති වෙනුවෙන් පෙනී සිටින බවත් දේශපාලන වාසි ලබාගැනීම සදහා මැතවරණ සමයේ ජාතිවාද සහ ආගම්වාද ඇවිස්සීම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය නොවන බවත්ය.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සමග වත්මන් ජනාධිපති දේශපාලනය කිරීමට යාමෙන් ඔහු සිදුකරන්නේ සියදිවි නසාගැනීමක් බවත් දේශපාලන වශයෙන් ඔරොත්තු දෙන්න නම් මේ පාර්ලිමේන්තුව විසුරුවලා වහාම ඡන්දයක් පැවැත්විය යුතු බවත් මෙහිදී කබීර් හෂීම් මහතා අවදාරණය කළේය.