ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු බවට වන ප්‍රකාශය තමන් පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

රට මේ වන විට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බවත්, එවැනි පසුබිමක ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය පැවැත්වුවහොත් අලුතින් පත්වන පිරිස දැනට ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ වෙනස් කළ හැකි බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ.

එසේ ආර්ථික ස්ථාවරත්වය වෙනස් කළහොත් මේ වන විට යන ගමන අඩාල වන බවත්, තමාද ඡන්දය කල් දාන්න ඕනෑ කියන යෝජනාව සමඟ එකඟවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.