ඡන්දෙට බය රනිල් එයාගේ මහලේකම් දාගෙන මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණයක නිතර වන බවත් මේ කුමන්ත්‍රණ පරාජය කළ යුතු බවත් සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

එතුමා මේ බව කියා සිටියේ පසුගිය දා ත්‍රීකුණාමලයේ පැවැති සමගි ජන බලවේග ගොවිජන සමුළුව ඇමතීමේ අවස්ථාවට එක්වෙමිනි.

රනිල්ට රාජපක්ෂලා හොරකම් කළ මුදල් රටට ගන්න අවශ්‍ය නොවුවත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිටම එම හොරකම් කළ මුදල් රටට ගේන්න ඕන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් මේ හොරකම් කළ මුදල් ගේන්න රනිල්ටවත් අනුරටත් නොහැකි බවත් ඒ මහතා පැවසීය.