කෝටි ගණන් හිතවතුන්ගේ මුදල් යොදවමින් රාජපක්ෂ චෞර වළල්ල රනිල් වික්‍රමසිංහ සමඟ පිහිටවූ අවස්ථාවාදී අන්තර්වාර පාලනය පිළිබඳව රාජිත සේනාරත්න මහතා එදා තොරතුරු අනාවරණය කළා.

රාජිත සේනාරත්න මහතා 2022 මැයි මස 16 වන දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජනතාව විසින් පලවාහරින ලද රාජපක්ෂ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහට අගමැතිධුරය ලබාදීමේ ක්‍රියාවලිය රහස් ගනුදෙනු සහ රහස් සාකච්ඡා සමඟ සිදු වූ බවත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් පිහිටුවන්නේ එවැනිම රහස් ගනුදෙනු සහ රහස් සාකච්ඡා සමඟ බවයි.

රාජපක්ෂ ආණ්ඩුවේ ඩීල්  ඔක්කොම දාපු විදේශ ව්‍යාපාරිකයෙක් සහ මෙරට දූෂිත අවි ආයුධ ගනුදෙනු වලට සම්බන්ධ ව්‍යාපාරිකයෙක් රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමේ කුමන්ත්‍රණය මෙහෙය වූ බවත්, මේ ආකාරයෙන් බිහිවන ආණ්ඩුව ඇමතිකම්, වලට තියන කෑදරකම්වලට සහ මුදල් වලට තිබෙන කෑදරකම්වලට බිහිවන අවස්වාදී රජයක් බවයි එදා රාජිත සේනාරත්න මහතා කියා සිටියේ. එතුමා වැඩිදුරටත් කියා සිටියේ එවැනි ආණ්ඩුවකින් රට ගොඩගත නොහැකි බවත් රට ගොඩනැගීමට නම් රටක් ගොඩනැගීමට අවශ්‍යතාවය තිබෙන, හැකියාව තිබෙන, රටට ආදරය කරන මිනිස්සුන්ගෙන් ගොඩනැගෙන ආණ්ඩුවක් අවශ්‍ය බවත් මෙවැනි ආණ්ඩුවකින් මේ රටේ කිසිම දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකරගැනීමට නොහැකි බවයි.

සමගි ජන බලවේගයේ ස්ථාවරත්වය වී තිබුනේ රට ඉතාමත් අර්බුදකාරී තත්වයකට පත්කිරීමට මුලිකම සාදකය වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන්  ඉවත් කර ඉක්මනින් මැතිවරණයක් පවත්වා ජනතා මතය අනුව ආණ්ඩුවක් පිහිටුවන තෙක් අන්තර්කාලින ආණ්ඩුවක් පිහිට විය යුතු බවත්, ගෝඨාභය රාජපක්ෂ ඉවත් වන්නේ නැතිනම් ඔහුගේ බලතල අඩුකර, ඉවත්වන කාලසීමාවක් පිළිබඳව එකඟතාවයක් ඇතිකරගනිමින් ආණ්ඩුව බාරගත යුතු බවයි, එවැනි එකඟතාවයකට අනුව පිහිටුවන ආණ්ඩුවකින් රාජපක්ෂලාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක නොවන නිසා හොර රහසේ රාජපක්ෂලාගේ පන්ති මිත්‍රයා වන රනිල් වික්රමසින්හාව කුමන්ත්‍රණයක් හරහා අගමැති ලෙස පත්කළ බවත් සේනාරත්න මහතා 2022 මැයි මස 16 වන දින පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

සමගි ජන බලවේගය ප්‍රමාද වුයේ ජනතා මතයකින් යුතු, අරගලයෙන් පසු ජනතා අභිලාශයන් ඉටුකරන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බවත් සමගි ජන බලවේගයේ ප්‍රමාදය නිසා රනිල් වික්‍රමසිංහ පත් නොවූ බවත්, රනිල් අගමැති කිරීමට තිබෙන උවමනාව නිසා සමගි ජන බලවේගයේ ප්‍රමාදය රජාපක්ෂලා හේතුවක් කරගත් බවත් රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.