රට තුල ඩොලර් හිහයක් ඇති අවස්ථාවක චීනයෙන් රැගෙන ආ අසූචි පොහොර රැගත් නැව නැවත චීනයට යවා ඇති අතර එහෙත් එම අසූචි පොහොර රැගත් නැව සදහා වන්දි මුදලක් ආණ්ඩුවේ ගෙවා ඇත්තේ කගේ සල්ලි වලින් දැයි හිටපු ආමත්‍ය සමගි ජන බලවේගයේ කාටන ආසන සංවිධායක විජිත් විජයමුණි සොයිසා මහතා ප්‍රශ්න කර සිටියේ ය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“දැන් බලන්න ගූ නැවට සල්ලි ගෙව්වා නේ ඩොලර් නැති වෙලාවෙ මුන්ගේ අප්පගෙ අම්මගෙ බූදලේ ද කවුද මේවා මෝනිටර් කරේ මේ වගේ සාම්පල් ගෙනාවද මේවා ගොවිබිමට දැම්මද නියැදියක් තිබ්බද පරීක්ෂණ කරා ද? අස්වැන්න කොහොම ද? කොපමන ද? මොකක්ද ධාරිතාවය අපේ රටේ තියෙන බීජ වලට මේක ගැලපෙනව ද? මොනවත් බැලුවෙ නෑ මේගොල්ලන්ට තියෙන්නේ පළවෙනි එක ගසාකෑම.

දැන් මොකද් ද අපේ රටේ තියෙන තත්ත්වය මේගොල්ලෝ කියනවා මහ ලොකුවට වසංගතය වසංගතය කියලා ඒක ඇත්ත වසංගතය නම් මේ අයට වසන්තයක් වුණා ඒක කතා දෙකක් නැහැ. ආණ්ඩුවේ අය වසංගතය වසන්තයක් කර ගත්තා. මතක තියාගන්න කකුලුවා දිය කෙලියේ යෙදෙනවා හැලිය රත් වෙනකන් ඒ වගේ තමයි.”

මේ බව කියා සිටියේ ඊයේ (15)සමගි ජන බලවේගයේ ප්‍රධාන කර්‍යාලයේ දීය .