ගෞරවය ආදරය සහ රැකවරණය තුළින් කාන්තාව සවිබල ගැන්වීම පැහැර හැරිය නොහැකි වගකීමක් බව ජාත්‍යන්තර කාන්තා දින පණිවිඩය නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මානව වංශය වෙනස් කළ සියලු ශාස්තෘවරුන් බිහි කිරීමේ පටන් මානව පැවැත්ම සාක්ෂාත් වන සියලු දෑ උදෙසා ප්‍රමුඛතම දායකත්වය සලසන කාන්තාවන් සිහිපත් කරනු ලබන ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ.
1908 වර්ෂයේ කාන්තාවන් 15,000 ක් පමණ තමන්ගේ සේවා කාලයේ පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුපක් ලබාදෙන ලෙසටත්, තමන්ට ඡන්ද අයිතිය ලබාදෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝක් නගරයේ පැවැත්වූ පාගමනක් මේ සඳහා පදනම සැපයීය.
ලෝකෙන් අඩක් දරා දරාගෙන සිටින සහ , තිරසාර ලොවක් වෙනුවෙන් දයාව කරුණාව,මාර්ගෝපදේශකත්වය හා පෞරුෂත්වය බෙදා දෙන කාන්තාවගේ විසල් මෙහෙවර අගය කිරීම එක් දිනකට සීමා කළ නොහැකි බව යථාර්ථය යි.
වර්තමානයේ දී ලෝකයේත්, විශේෂයෙන්ම අපේ රටේත් ආර්ථිකයට අතිමහත් දායකත්වයක් දක්වන්නේ කාන්තාවය.
සාක්ෂරතාවයෙන් මෙන්ම ආයු අපේක්ෂාවෙන් ද පුරුෂයා ඉක්මවා ඉදිරියට පැමිණ සිටින ලාංකීය කාන්තාව,නන්විද ක්ශේත්රයන්හී පෙරට පැමිණ ඇතත් මේ විසල් මෙහෙවර පිළිබඳව පවතින ඇගයීම ඇත්තේ ඉතාම කනගාටුදායක තැනකය.
දියණියක,මිතුරියක, සහෝදරියක, බිරිඳක, මවක ලෙස කාන්තාව සමාජයේ විවිධ භූමිකාවන්හි කටයුතු කරයි.
ශ්‍රී ලංකාව මාතෘත්වය පූජනීයත්වයෙන් පිළිගන්නා රටකි. එහෙත් මාතෘත්වයට ලබාදෙන උසස් පිළිගැනීමෙන්, සමස්ත ස්ත්‍රී ප්‍රජාවට රැකවරණයක් ලැබෙන බවක් පෙනෙන්නට නැත.සියලු ක්ෂේත්රයන් තුළ කාන්තා නියෝජනය සහතික කිරීමත්,ඔවුනට නිසි තැන ලබා දෙමින් සුරක්ෂිත ජීවිතයක් උදෙසා ඇප කැප වීමත් , ගෞරවය ආදරය සහ රැකවරණය තුළින් ඇය සවිබල ගැන්වීමත් සියලු දෙනා සතු පැහැර හැරිය නොහැකි වගකීමක් බව අවධාරණය කරමි.
සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක