ගෝඨාභය රාජපක්ෂ මහතාට දැන් ගරු කියන්න බැහැ මොකද ජෝකර් කෙනෙක් වෙලා ඉන්න බව ඊයේ(4) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් සමගි තරුණ බලවේග ජාතික සංවිධායක චමිත් විජේසුන්දර මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ චමිත් විජේසුන්දර මහතා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට දැන් ගරු කියන්න බැහැ මොකද ජෝකර් කෙනෙක් වෙලා ඉන්නේ. ඊයේ අත්‍යවශ්‍ය සේවා ගැසට් එකක් ගහලා තියෙනවා ජනාධිපතිතුමාට අපි කියනවා ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාව වෙලා තියෙන්නේ ඔබතුමා ඉක්මනින් තණතුර දාලා යන එක එසේ නැතිව ගැසට් ගැහිල්ල නෙමෙයි ඒක තේරුම් ගන්න බැරි එක ගැන කණගාටුයි. ජනතාවගේ හදගැස්ම නොතේරෙන එක කණගාටුයි ගෝඨාභය රාජපක්ෂ ආපු දවසේ ඉඳන් පෝලිම් ඒ වගේම රටට හෙන ගහනවා පරිසරය විනාශ කළා වනගහනය වැඩිකරනවා කිව්වට තියෙන ටිකක් කපාගෙන ගියා.

කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ සියල්ල අනාථයි වගාවන්, ගොවියන් සියල්ල අනාථයි කාබනික පොහොර ගෙන්වීම නතර කරලා ගොවියා නැති කරලා දැම්මා .දැන් ඩොලර් මිලියන 500ක විතරක් හාල් පිට රටින් ගේනවා නමුත් අද ජනතාවට කන්න නැහැ ජනතාව පාරේ පෝලිම්වල හාල්,පිටි ඉන්ධන සියල්ල විශාල ලෙස මිල ඉහළ ගිහිල්ලා ජනතාව ඉතාමත් අමාරුවෙන් ජීවිතය ගතකරන්නේ.

ඒ වගේම සුවසැරිය ගිලන් රථ ව්‍යාපෘතියක් හර්ෂ ද සිල්වා මහතා ක්‍රියාත්මක කළා. ඒම සේවාව රට තුලට එනවිට උදය ගම්මන්පිල විමල් වීරවංශ කිව්වේ ඒවා ඉන්දියාවට ඔත්තු සපයන්න එන්නේ කියමින් බොරු ප්‍රචාර ගෙනගියා එවැනි හොඳ වැඩ නතර කරන්න එදා කටයුතු කලත් නමුත් අද වෙනකොට ජනතාව⁣ දාහකට ආසන්න පිරිසකට සුවසැරිය සේවාවක් සපයනවා නමුත් කනගාටුයි කියන්න ඊයේ ප්‍රවෘත්තියක් ගියා ඒ සුවසැරිය ටත් අවශ්‍ය ඩීසල් නැහැ කියලා ඒ නිසා ඒ සේවයත් නතර කරන්න සිදුවී ඇති බව මාධ්‍යයේ වාර්තා වුණා එය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් .