ගෝඨභය රාජපක්ෂගේ උද්දච්ච හා මෝඩ තීන්දු තීරණ නිසා ගොවියා විනාශ වූ බවත් රටේ නායකයා එවැනි විනාශයක් කරන විට විපක්ෂ නායකවරයා රටට අගයක් පවා ලබා දීමට කටයුතු කරන බවත් එවැනි නායකයෙක් අපට අවශ්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා අනුරාධපුර පැවැති සමගි ජන බලවේගයේ ගොවිජන ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

ආසියාවේ වැඩිම ආදායමක් ඇති දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට අඩුම ගානේ තමන්ගේ පාසලට සේවයක් කරන්න බැරි වුණත් විපක්ෂයේ සිට එම නායකයන්ගේ පාසල්වලට පවා නොමැකෙන සේවාවක් ඉටු කළේ සජිත් ප්‍රේමදාස මහතා බවත් එවැනි සේවාවක් කරන විට මේ කුහක ජේවීපී කාරයෝ රට වටේ අපහාස කරමින් යන බවත් ඒ මහතා පැවසීය.