ගොවියන් කවදාවත් වන්දි ඉල්ලුවේ නැති බවත් කෘෂිකර්මයට අවශ්‍ය පොහොර නොමිලේ ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලුවේ නැති බවත් වර්තමාන ආණ්ඩුව ගොවි ජනතාව හිගන තත්ත්වයකට දැමිමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කීන්ස් නෙල්සන් මහතා පවසයි .
ඔහු කියා සිටින්නේ වන්දි ලබා දිමේන් ගොවියන් හිගන්නන් කිරිමට කටයුතු නොකරන ලෙස ද, ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය .
වැඩි දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,
“රජය දැන් කියනවා බයවෙන්න එපා අපි ඕගොල්ලොන්ට අවශ්‍ය කරන වන්දි මුදල් ටික ලබා දෙනවා කියලා එහිදී අපි කියනවා ගොවියා හිඟන තත්ත්වයට දාන්න එපා කියලා ගොවියා වන්දි ඉල්ලුවේ නැහැ කවදාවත් .නොමිලේ පොහොර ඉල්ලුවෙත් නැහැ .කවුද ඒව දෙනවා කිව්වේ මහින්ද රාජපක්ෂ වර්තමාන අගමැති තුමා මැතිවරණ වේදිකාවේ කිව්වා නොමිලේ පොහොර ලබා දෙනවා කියලා .ඊට පස්සේ 350 ට දෙනවා කිව්වා පසුව වර්තමාන ජනාධිපතිතුමා වේදිකාව කිව්වා නෑ මම නොමිලේ පොහොර ලබා දෙනවා කියලා.350ට පොහොරත් නෑ නොමිලේ පොරක් නෑ. අද ගොවියට නෙමෙයි මේ රටේ සමස්ත ජනතාවට අවුරුදු කන එක හීනයක් වෙලා. රජයට විශේෂයෙන්ම කියනවා ඔබතුමාලා වන්දි ලබා දෙන්න කොහෙන්ද සල්ලි ගත්තේ කියලා .අපි දන්නේ නැහැ ආරංචි වෙන විදියට රටේ තීන්ත ටික ,කොල ටික ඉවර වෙනකන් සල්ලි අච්චු ගහනවා එහිදී නැවතත් අපට දරාගන්න බැරි විදියට වෙළඳපොලේ භාණ්ඩ මිල ඉහළ යනවා. දැන්වත් රටේ ජනතාවට ඇත්ත කියන්න. ඇත්ත කථා නොකර නිසා තමයි මේ ප්රශ්නය ඇතිවෙලා තියෙන්නේ. ඇමතිවරු පාර්ලිමේන්තුවේ කතා කරන විදිය නෙවෙයි එළියේ මහා පොළොවෙහි රටේ ජනතාවට ක්‍රියාත්මක කරන්නේ. පාර්ලිමේන්තුවේ කතා කරන සුන්දර රටක් නෙවෙයි අද තියෙන්නේ පාර්ලිමේන්තුවේ කියන බොරු රටේ ජනතාව පිළිගන්නේ නැති තත්ත්වයට පත්වෙලා. කරුණාකරලා දැන්වත් ඇත්ත කියන්න අපට සල්ලි නැහැ එම නිසා ඉවසන්න කියන්න ජනතාව ඒකට කැමතියි ඇත්ත කියන්නේ නැතුව බොරු කියලා කාවද රවට්ටන්නේ එම නිසා ජනතාවට ඇත්ත කියන ලෙස” මන්ත්‍රීවරයා ආණ්ඩුවේන් ඉල්ලා සිටියේය .
මේ බව කියා සිටියේ අද(13) විපක්ෂ නායක කාර්යලයේ දීය