ආණ්ඩුව රටේ ජනතාව ඇන්දුවා ඇති .ආණ්ඩුවට 69 ලක්ෂයක් ඡන්දය දීලා කෘෂිකාර්මික දිස්ත්‍රික්ක වලින් 75%ට වැඩිය මේ ආණ්ඩුවට ඡන්දය දුන් බවත් එම කෘෂිකාර්මික දිස්ත්‍රික්ක 10කම ජනතාව වෙනුවෙන් ආණ්ඩුව කනේපාරක් ගසා ඇති බවත් ඒ 69 ලක්ෂයට සහයෝගය දුන්න කෘෂිකාර්මික දිස්ත්‍රික්වල ජනතාවට ඒ ශාපය දැන් ඇති වී ඇති බවත් ඉතිහාසයේ කිසිම දවසක මෙවැනි තත්වයක් උදා නොවූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පැවසීය.

අද (22) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා කියා සිටියේ ගොවියා රජ කරවන්න කියලා ආපු අය අද ගොවියෝ හිගන්නා කර විතරක් නෙමෙයි පාරවල් ගානේ ඇවිදින තත්වයට දමා ඇති බවයි. හෙට අනිද්දා වෙනවිට කාටවත් බරක් නොවුනු ගොවියා හිගන්නෙක් විතරක් නොව වියළි සලාක දෙන තත්ත්වයට පත් කරන බවත් මේ ආණ්ඩුවේ වෙනසක් ඇති කරන්න සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙලා රටත්, ආර්ථිකය ශක්තිමත් කර ගොවියා ශක්තිමත් කරන්න අත්වැල් බැඳගන්නා ලෙස ප්‍රකාශ කළේය.

වැඩි දුරටත් අදහස් දැක් වූ ඒ මහතා

අද රටේ ප්‍රධානම ප්‍රශ්නය වෙලා තියෙන්නේ ගොවියට ඇතිවූ තත්ත්වයයි. ගොවියාගේ පොහොර ප්‍රශ්නය නිසා අද මුළු රටම අකර්මණ්‍ය වෙලා. මේ ආණ්ඩුව දවසින් දවසේ ගැසට් රිවස් කරනවා වගේ කෘෂිකර්මාන්තයට සම්බන්ධව යම් යම් පියවර දවසින් දවස එක එක කතා කියනවා .ආණ්ඩුව මුලින්ම කිව්වා රුපියල් අනූ හතරට හාල් දෙනවා කියලා නාඩු හාල් රුපියල් 120ට සම්බා දෙනවා කිව්වා 150ට කීරි සම්බා දෙනවා කිව්වා මේ මතයට ආවා අද වෙනකොට මොකක්ද තත්ත්වය ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග අසාර්ථක වෙලා සහල් මිල පාලනය කරන්න ගැසට් 10කට කිට්ටුව ගැහුවා .රටේ හදිසි නීතිය පැනෙව්වා හාල් මිල පාලනය කරන්න. අද ආණ්ඩුව ෆේල් වෙලා. ඒකයි මුලින් කිව්වේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග නිසා එක පැත්තකින් කෘෂි කර්මාන්තයේ ගොවියා අමාරුවේ වැටෙනවා අනිත් පැත්තෙන් පාරිභෝගිකයාට හිතන්න බැරි තරමට ආහාර ද්‍රව්‍ය සම්බන්ධව ප්‍රශ්නයක් ඇතිවෙලා. නාඩු කිලෝ එකක් 150 ක් දක්වා වැඩිවෙලා. සම්බා කිලෝ එකක් 200කට එහා යන තත්ත්වයට ඇවිල්ලා කීරි සම්බා රු 250ට කිට්ටුවෙන්න ඇවිල්ලා ඒ හාල් වල තත්වය.

ඒ වගේම එළවළු වල මිලත් ඒ ආකාරයෙන්ම මිල ඉහළ ගිහිල්ලා. අද මේ රටේ පාරිභෝගිකයන්ට බෝංචි කිලෝ එකක් රුපියල් 700ට ගන්න වෙලා. තක්කාලි කිලෝවක් රුපියල් 500යි. කැරට් කිලෝ එකක් රුපියල් 450යි. එළවළු වර්ග සෑම දෙයක්ම රුපියල් 500ට ආසන්න ගානකට මිල ගිහිල්ලා ඉතිහාසයේ මෙහෙම වැඩි වෙලා නෑ වර්ෂාව නිසා වත් එළවළු මිල ඉහළ ගියේ නැහැ.දැන් වෙළඳපොල තුළ එළවළු හිඟයක් ඇති වෙලා ඊයේ දිනයේ නුවරඑළියෙ ආර්ථික මධ්‍යස්ථානය සම්පූර්ණම වහලා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එන එළවළු ප්‍රමාණය 50%කටත් අඩු වෙලා තඹුත්තේගමටත් 50% කට වඩා එසේ නම් මේ රට තුළම අද හාල් හිඟයක් ඇති වෙලා තියෙනවා එළවළු හිඟයක් ඇති වෙලා පාරිභෝගික ජනතාවට හෙට අනිද්දා වෙනකොට සිමෙන්ති පෝලිම් වෙල හිටිය වගේ කිරිපිටි පෝලිම්වල හිටියා වගේ ගෑස් පෝලිම්වල හිටියා වගේ එළවළු 250ක් ගන්න පෝලිමේ ඉන්න වෙන දවස ඉතාම ළඟයි.

මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළක් නැහැ අපි දැක්කා කොම්පෝස්ට් පොහොර දෙනවා කිව්වා .කොහේද ඒවා ගන්න තියෙන්නෙ දෙනවයි කියපු කොම්පෝස්ට් දුන්නද? කෘෂිකර්මය වගාව සඳහා දුන්නු ඒව කොහේද දීපු කොම්පෝස්ට් වලත් සමහර ඒවාගේ ගල් වැලි සමහර ඒවගේ බෝතල් කටු මාධ්‍ය හරහා එය රටට හෙළි කෙරුවා කිසිදු ප්‍රමිතියකින් තොරයි එහෙම තියෙද්දි දැන් ආණ්ඩුව රිවර්ස් ගත්තා බඩඉරිඟු සඳහා අක්කරයකට කිලෝ 25 ක් දෙනවා කියලා කමක් නැහැ පහුවෙලා හරි එහෙම තීන්දුවක් ගත්ත එක ගැන අපි හොඳයි කියනවා .හැබැයි ඒ හොඳ වුණාට එදා රුපියල් 1500 ට ගොවියට ගන්න තිබිච්ච පොහොර කිලෝ 50 දැන් කියලා 25ක් දෙන්නෙත් 6500ට එය ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ මිනිස්සු හෙම්බත් වෙලා මාස ගාණක් තිස්සේ තමන්ගේ වගාවට අවශ්‍ය පොහොර ටික දාගන්න බැරුව පීඩනයට පත්වෙලා ඉන්න වෙලාවේ මොනව හරි කමක් නැහැ එහෙම තියෙද්දි දුන්නු පොහොර ටික 6500 ට කියලා 25 ක් අරන් අක්කරයකට කිලෝ 50ක් 60ක් සීයක් දෙසීයක් දාන තැන් වලට 6500 ගානේ අරගෙන ඒ අයට ආදායමක් ගන්න පුළුවන්ද?.

ඊයේ (21) මාධ්‍යයෙන් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා කිව්වා ශාක පෝෂක පොහොර වර්ග ගෙන්නනවා කියලා ඒ නොකියා කිව්වේ යූරියා ගෙනෙයි කියලා මිනිස්සු බොහොම සතුටෙන් ඉන්නවා. එහෙම ගෙනාවාම අපිත් සතුටු වුණා මොකද අපි පහුගිය දවස් වල දිගින් දිගටම අරගල කරේ සමගි ජන බලවේගය පක්ෂයක් විදිහට මුළු රට පුරාම අරගල කරලා කිව්වා අනිත් විපක්ෂයත් කතා කෙරුවා සංවිධාන වෙච්චාවෙ නැවිත් පාරට බැහැලා කිව්වා අපිට පොහොර ටික දෙන්න කියල නිකං ඕන නෑ සල්ලි වලට ගන්න දෙන්නෙ කිව්වා ආණ්ඩුව වගේ වගක් නැතුව මහකන්නය සම්පූර්ණම ඉවර වෙනකම් ඒක නවත්තගෙන හිටියා. ගිහින් බලන්න අද අනුරාධපුර පොළොන්නරුව හම්බන්තොට පුත්තලම දිස්ත්‍රික්ක වල වෙනදා කෘෂි කර්මාන්ත වල නියැලීච්ච ප්‍රමාණය වගා කරපු බිම් ප්‍රමාණයෙන් 25% ක් වගා කරලා නැහැ හරිම අසාධාරණයක් මේ සැරේ වර්ෂාව ඕනෑවටත් වැඩිය ආවා මේ අයට කලට වෙලාවට පොහොර ටික දුන්නා නම් ඉතිහාසයේ කවදාවත් නැතුව ලොකුම හාල් අස්වැන්නකට යන්න තිබුණා වී අස්වැන්න වැඩි වෙනවා හාල් මිල අඩු වෙනවා ඒක ස්වභාවධර්මයෙන් අවශ්‍ය උදව් උපකාර ටික දුන්නා හැබැයි ආණ්ඩුව පැත්තෙන් ඒ ක්‍රියාත්මක කරේ නැහැ ඒ නිසා අනිවාර්යයෙන්ම අපට පිටරටින් හාල් ගෙන්වන්න සිද්ධ වෙනවා. ඒක කාටවත් නවත්වන්න බැහැ හැබැයි පිටරටින් හාල් ගෙන්නනවා කියන්නේ corona කාලය ගරාගෙන ආපු විදියටම තමන්ගේ ගජමිතුරු කණ්ඩායම් වලට මේක දුන්නම තවත් ඒගොල්ලන්ගෙ ගජ මිතුරන්ට ඉල්ලමක් පාදලා දෙන එකක් විතරයි ආණ්ඩුව කරන්නේ.

ඊයේ 21 දවසේ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා නිවේදනයක් කරනවා අපි පොහොර ගේනවා කියලා මිනිස්සු සතුටු වුණා කමක් නැහැ මහකන්නයට නැති වුණාට කමක් නෑ යලට හරි වෙනත් ආදායම් මාර්ග නැති නිසා සතුටින් හිටියා මොකද නාගරික ප්‍රදේශවල වගේ වෙනම සමාගම් වලින් එන ආදායම රාජ්‍ය නිලධාරීන්ට වගේ මාස අන්තිමට පඩි එන රස්සාවක් නෙමෙයි ගොවියා කරන්නේ හැමදාමත් මහ පොළොවත් එක්ක ගැටිලා තමන්ගේ ජීවනෝපාය තමන්ගේ පවුල ජීවත් කරන්න මහ පොළොවත් එක්ක ගැටල තමයි ජීවනෝපාය කර ගන්නේ. ඒකට වෙන මොනවත් නෙමෙයි තමන්ගේ තියෙන අක්කර දෙකහමාර අක්කර භාගය ගිනි අව්වේ වල් අලින් සහ අනෙකුත් උවදුරුවලින් රැකගෙන අස්වැන්න නොගත්තොත් ඒ මිනිස්සුන්ට වෙනත් විකල්පයක් නැහැ මාස හයක් දුක්විඳලා තමන්ගේ ආදායම ගන්න බැරි වෙනකොට තමන්ගේ දරු පවුල බඩගින්නෙ තියාගන්න සිද්ධ වෙන්නේ. ආණ්ඩුවට එක පැත්තකින් සහල් ගෙන්වනවා වගේම කෘෂිකාර්මික ප්‍රදේශවල ජනතාවට සහනාධාර දෙන්නත් වෙනවා.ආණ්ඩුව විසින්මයි මේ ප්‍රශ්නය ඇති කෙරේ ගොවීන්ගේ අවශ්‍යතාවය අඩු අවශ්‍යතාවය ඇති කර නිසා ස්වභාව ධර්මය අපි දිහා බැලුවම හැබැයි ආණ්ඩුව මේ රටේ ජනතාව දිහා බැලුවෙ නෑ කියන එක ඉතා පැහැදිලියි.

අපි දැක්කා මහින්දානන්ද ඇමති තුමා බොහොම තදින් ම හැමදාම කිව්වේ අපි කාබනික වගා වට යනවා අපි reverse කරන්නේ නැහැ කියලා පිටරටින් හාල් ගේන්නේ නැහැ ආණ්ඩුවේ මැති ඇමතිවරු ඔක්කොම කිව්වා. හැබැයි ඒ කිව්වට මහපොළවේ තත්ත්වය දැන ගත්තෙ නෑ. අඩු ගානෙ අපේ හිතුවා ඉන්දියාව ගැන හිතලා මෝදි අගමැතිතුමා තමන්ගේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති ජනතා විරෝධය හමුවේ පස්සට ගත්තා හැබැයි අද මොකක්ද වෙලා තියෙන්නේ මෙච්චර ජනතාවගේ හඬ අවදි කරන කොට මාධ්‍ය හරහා ඔබතුමාලා රටට පෙන්නනවා ගොවීන්ගේ ප්‍රශ්න ඒව දකින්න ජනාධිපතිවරයාට අඩියක් පස්සට අරන් මාධ්‍යයට ඇවිත් කියන්න තිබුණා . එහෙම වුණේ නැහැ ජනාධිපතිතුමා එහෙම කරේ නැතත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා කිව්වම ගොවියන් සතුටු වුණා.

අද ලංකාදීප පත්තරේ පැහැදිලිව කියලා තියෙනවා මහ කන්නයට රසායනික පොහොර ගේන්න අවසර ශාක පෝෂක ගැන කතාවක් නැහැ මහ කන්නයට පොහොර ගෙන්න අවසර දැන් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාට මොළේ කළඳක් හරි තිබුණා නම් දැන් මහා කන්නයෙන් භාගයක් ගිහිල්ලා ඉවරයි එහෙමනම් මේක අපි යන එක හරි කමක් නෑ කොහොම හරි පොර කියනවා නම් හොඳයි හැබැයි ඒ පත්තරේම තියෙනවා කෘෂිකර්ම ඇමැතිවරයා කියනවා කිසිදු තීන්දුවක් ගෙන නැහැ කියලා. එතකොට මේ කෘෂිකර්ම ඇමති තුමා තමන්ගේ අමාත්‍යාංශ ලේකම්වරයා කරන වැඩ ගැන දන්නේ නැද්ද ඒ ලේකම්වරයා මාධ්‍යයට කිව්වේ කැබිනට් මණ්ඩලය තීන්දු කරලා ඒ තීන්දුව එතුමට ලැබුණා ඒ නිසා තමයි පොහොර ගෙන්වන්න අවසර දුන්නේ කියලා හැබැයි කෘෂිකර්ම ඇමතිවරයා කියනවා තවම කිසිදු තීන්දුවක් ගෙන නැහැ කියලා. මේක කොහෙද යන්නේ මල්ලේ පොල්. අඩුම තරමේ තමන්ගේ අමාත්‍යංශයේ ලේකම්වරයා ඇමතිවරයා සමග සාකච්ඡාවක් කර ගන්න බැරි නම් මෙහෙම ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්.

මේ රටට නැනෝ nitrigen ගෙන්වන සමාගම ඇවිත් කිව්වා කෘෂිකර්ම ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් ලොකු ආතතියකින් පෙලෙනවා එතුමා මේ ගැන දන්නේ නෑ වගේ ප්‍රශ්න ගණනාවක් කිව්වා හැබැයි ඒකෙන් එක දෙයක් පැහැදිලියි නැනෝ නයිට්‍රිජන් ඉන්දියාවෙන් ඩොලර් 12.5 ක ට ගෙනාපු නැනෝ nitrigen මිලිලීටර් 500 ඒ සමාගම මාධ්‍යයට ඇවිත් කියනවා අපි ඩොලර් දහයකට දෙන්නම් කියල ඕනෑම බඩුවක් ඇනවුම් කරන කොට ආණ්ඩුවක් quotation කෝල් කරන්න ඕන මිල ගණන් කැඳවලා තමයි අහන්නේ ඕගොල්ලොන්ට කොච්චරක් දෙන්න පුලුවන්ද කියලා හැබැයි ඩොලර් 12.5 ක් ගානේ තොගයක් අපේ රටට ගෙනාවා පසුව ඒ සමාගම කියනවා අපි දැන් 10 ගානෙ දෙන්න පුළුවන් කියලා එහෙම නම් මං අහනවා කවුද? කාටද අර ඩොලර් 02:50 ගියේ හෙම නැතුව රටේ තියෙන ප්‍රමිති අනුව ඒ රටේ ටෙන්ඩර් පටිපාටිය අනුව මිල ගණන් කැඳවන කොට කලින් මිල ගණන් ගත්තේ නැද්ද එහෙම නැත්තං කෘෂිකර්ම ඇමතිවරයා නොකිය කියනවද ලොකු ආතතියක් තියෙනවා එතුමා දන්නේ නෑ එහෙනම් මේ ඩොලර් 02:50 කොමිස් මුදල ගත්තෙ වෙන ඇමතිවරයෙක් ද කවුරු හරි මේකෙ ඉන්න ඕන ඔබතුමාලා වත් අපිවත් වෙනත් කවුරුහරි ගොවි ජනතාව ගිහිල්ලා ඉන්දියාවෙන් පොහොර ගෙනාවේ නැහැ ඒ ගත්ත සමාගමයි ඇමැතිවරය