ගොඨා – රනිල් ආණ්ඩුවට සහාය ලබාදිම කොන්දේසි විරහිතව සිදු කළ යුක්තක්ද ? එසේත් නැතිනම් ගොඨා යොජනා කරන ආණ්ඩුවක් බාර ගත යුතුව තිබුනේද ?අද සජබය හමුවේ මතුවි ඇති ගැටලුවකි .
මෙහිදී වැදගත් වන්නේ රටෙි ජනමතයට මෙම ගැටලු බලපාන ආකාරයයි .එමෙන්ම රටෙි ජනතාව මුහුණ දි ඇති ආර්ථික අර්බුදයට මෙහිදී ගනු ලබන තිරණයේ බලපෑමයි.

මතුව ඇති අභියෝග එකම කාසියක දෙපැත්ත බදුය.දේශපාලන ගැටලුව එක් පැත්තකය.අනෙක් පැත්තෙ ආර්ථික ගැටලුවයි .මෙම අර්බුදය විසදිමට නම් මෙම පැති දෙකම මනාව කළමනාකරණය කිරිම කල යුත්තකි .

රටෙි පාලනයට සෘජුව වග කියන දේශපාලනය ස්ථාවර නොමැතිව ආර්ථික අර්බුදය විසදිමට නොහැක.ඒ බව මහ බැංකු අධිපතිවරයා වන නන්දලාල් විරසිංහ මහතා පැහැදිලිවම මාධ්‍ය සාකච්ඡාවකදී පෙන්වා දුනි .මෙි මොහොතේ රට තුළ දේශපාලන ස්ථාවර බව ඇති කිරිමට නමි සිදු කලයුතු ප්‍රධාන කාර්ය වනුයේ අරගල බිම ඉල්ලා සිටින ගොඨා ගෝ හොමි යන්න යථාර්ථයක් බවට පත් කිරිමයි.
රනිල් වික්රමසිංහ මහතා අගමැති ලෙස පත්කිරීම තුල එම ජනතා අභිලාෂය ඉටුවෙිවිද ? එය ඉටු නොකොට සුපුරුදු පරිදි දේශපාලන සුදුවක නියලිමට කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙි.රනිල් වික්රමසිංහ අගමැතිවරයා අරුම පුදුම ප්‍රකාශයක් සිදු කර ඇත.එනමි රාජ්‍ය අනුග්‍රහයෙන් ජනාධිපතිට එරෙහි ගොඨා ගෝ ගම සුරැකීමට කටයුතු කරන බවයි .රටෙි අගමැති රටෙි ජනපති එළවන සටනට සහාය දැක්විම යනු අප තේරුම් ගත යුත්තේ කෙසේද ?ඔහුගේ පක්ෂයේ නියොජ්‍ය නායක රුවන් විජේවර්ධන පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් කියන්නේ පසුගිය දා අරගලයට පහරදුන් පිරිස අත්අඩංගුවට ගන්නා ලෙසයි .එම පහරදිමට පෙළඹවු අරලිය ගහ මැදුරේ කුප්‍රකට රැස්වීම එහිදී කල ප්‍රකාශ පිලිබදව රුවන් විජේවර්ධන සිය අවධානය යොමු කර නොමැත .
රැස්වීම සංවිධානය කල ⁣හිටපු අගමැති ජොනි ඇතලු පිරිසට එරෙහිව රනිල් පියවර ගනිද?
රනිල් ගේ අමාත්‍ය මංඩලය සැදෙනුයේ පොදු ජන පෙරමුණේ මන්තිරිවරුන් ගෙනි.ඔහුගේ පැවැත්ම තිරණය කරනුයේ බැසිල් රාජපක්ෂ විසිනුයි. එවනි පසුබිමක ගොඪාභය රාජපක්ෂ ගෙදර යනු යැයි ජනතාව කරන අරගලය කෙසේවත් රනිල් අගමැතිවරයා ගේ ආණ්ඩුවේන් සිදු නොවන්නකි.

රටෙි ජනතාව ඉල්ලා සිටියේ ගෙඨාභය ජනාධිපතිවරයා පත් කරන ආණ්ඩුවක් නොවෙයි .ඔවුන් ඉල්ලා සිටියේ ගොඨා ගෙදර යවන ආණ්ඩුවකුයි.එය නිර්මාණය විය යුතුව තිබුනේ විපක්ෂය මගින් මිස ගොඨාභය ජනාධිපතිවරයා විසින් නොවෙි.රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වනුයේ විපක්ෂය සමඟ කල සාකචිජාවකින් නොවෙි.එය ජනමතය නොසලකා හැරිමකි.ජනමතය උපායශිලි ලෙස යටපත් කල හැකිය යන වැරදි කියවිමක් තුලින් ගත් තින්දුවකි.රනිල් ගොඨා ගෝ ගම රැකිමට කතා කිරිම රුවන් ගේ ලිපිය මෙි සියල්ල එම ප්‍රාථමික දේශපාලනයේ ක්‍රියාදාමයන් මිස අනෙකක් නොවේ .

රනිල් වික්රමසිංහ මහතා අගමැති ධුරය බාරගනුයේ කිසිදු කොන්දේසියක් හෝ ජනතා අභිලාෂය ඉටු කිරිමට අවශ්‍ය බවට ජනාධිපතිවරයා සමග කිසිදු එකගතාවයකට හෝ නොපැමිනයි.එය හුදෙක් බිදවැටුනු තම දේශපාලන ප්‍රතිරූපය ගොඩ නගා ගැනිමට ගත් පියවරක් පමනි.අනෙක් පැත්තකින් රාජපක්ෂ වරුන් ගේ දේශපාලනයේ රැකවලා විමයි.අලි සබිරි හිටපු අමාත්‍යවරයා ගේ වචන වලින් කිවහොත් සැදෑ කල ආරක්ෂක පිතිකරුවායි.

රට ඉල්ලනුයේ නයිටි වොචිමන් කෙනෙකුනොවෙි.ලිඩර් කෙනෙකු ලෙස ඩිලර් කෙනෙකු ද නොවෙි.
මෙි මොහොතේ පිහිටුවිය යුතු ආණ්ඩුව විපක්ෂයේ පක්ෂ විසින් ජනමතය අනුව සිදුකල යුත්තකි .
එය දේශපාලන ප්‍රතිසංස්කරණ සදහා වු ජනතා අභිලාෂය ඉටු කිරිමට සමත් විය යුතුය .

මෙහිදී විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයාට ඉදිරිපත් කල කොන්දේසි වුයේ ජනතා අරගලය දිනවන විපක්ෂයේ මැදිහත්වීම තුළ ආණ්ඩුවක් මිස ජනාධිපතිවරයා ගේ අභිලාෂ වෙනුවෙන් බිහි කරන ආණ්ඩුවක් නොවෙි.
රාජපක්ෂ වරුන් රටට සිදු කල විනාශය අහිමි කල සමිපත් සොරාගත් ධනය රටට යලි ලබාගැනිමට සහ වගකිමි හා වගවිමි වලට නිසි පියවර ගත යුතුය යන ජනතා අරගලය ජයග්‍රහණය කලහැක්කේ රනිල් ගේ දේශපාලනයටද ? සජිත් ගේ දේශපාලනයට ද ?
රෑ වැටුණු වලේ අප මහ දවල් වැටුනා ද ?