රටේ පවතින ගල් අඟුරු අර්බුධය හේතුවෙන් මීට දින දෙකකට පෙර බලශක්ති ඇමති කාංචන විජේසේරක වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර බලශක්ති සමාගමේ සභාපති  ජගත් පෙ​රේරා  ඉල්ලා අස් වී තිබේ.

නීත්‍යානුකූලව සහ විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක කළ ගල් අඟුරු ගෙන්වීමේ ටෙන්ඩර සම්බන්ධව එල්ල වී ඇති බාහිර පාර්ශවයන්ගෙන් දිගින් දිගටම ධරුණු විවේචන සහ බලපෑම් එල්ලවීම හේතුවෙන් තමන් ඉල්ලා අස් වූ බව සභාපතිවරයා දන්වා තිබේ.

ගල් අඟුරු ගෙන්වීමේ කටයුතු දිගින් දිගටම කඩාකප්පල් කිරීමට පිරිසක් උත්සහ කරන බව සභාපතිරයා දැනුම් දී තිබේ.

මීට දින තුනකට පෙර ඉල්ලා අස්වීම ඉදිරිපත් කළ සභාපතිවරයාගේ එම ඉල්ලා අස්වීම ඇමතිවරයා විසින් පිළිගැනීමෙන් අනතුරුව ඔහු මේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනයක වැඩ භාරගෙන ඇතැයි වාර්තා වේ.

තවමත් ලංකා ගල් අඟුරු සමාගමට නව සභාපතිවරයෙක් පත් කර නැත.