අද මේ ගතවෙන තප්පරයක් තප්පරයක් ගානේ අපේ ශ්‍රී ලංකාව ආපස්සට ගමන් කරන බවත් එමනිසා රටක් විදියට එය අවාසි සහගත තත්වයක් මතුවී ඇති බවත් අද විපක්ෂනායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා.

අද මේ ගතවෙන තප්පරයක් තප්පරයක් ගානේ අපේ ශ්‍රී ලංකාව ආපස්සට ගමන් කරනවා. රටක් විදියට එය අවාසි සහගත තත්ත්වයක්. රට තියෙන්නේ ආර්ථික සමාජ හා දේශපාලන ස්ථාවරත්වයක් නෙමෙයි. එහෙම රටක් රුවල කැඩිච්ච නැවක් වගේ ඉබාගාතේ පා වෙමින් තිබෙනවා. මෙහෙම වෙන්න ඉඩ තියන්න බැහැ .ඒ නිසා හදිසි තීන්දු තීරණ ගන්න වෙනවා. ජනාධිපතිගේ ලියුමක් එනකන් බලාගෙන ඉන්න සිදුවෙලා. කොයි වෙලාවේ මොන තීරණයක් ඒවි ද දන්නෑ .ඒ නිසා අපට ගැටලුවක් තිබෙනවා. එහිදි හිතාගන්න පුළුවන් මොනවගේ මානසික තත්ත්වයක් තිබෙන මනුස්සයෙක්ද කියලා. රටක් ජාතියක් වවිනාශ වෙනවා ඒක දිහා බලාගෙන තමන්ගේ ලියුම දෙන්නෙ නැතිව පරක්කු කරනවා නම් නිවැරදි මානසිකත්වය ඉන්නවද කියන ප්‍රශ්නය අපට තියෙනවා.ඒ නිසා අපිට තීන්දුවක් ගන්න වෙනවා නිවැරදි මනසක් නැති වියවුල් මානසිකත්වයක ඉනන පුද්ගලයෙක්ගේ ලියමක් එනකම් .එසේ බලාගෙන ඉන්නේ නැතිව තනතුර අතහැර ගියා සලකලා ඉදිරි කටයුතු කරයුතු වෙනවා .

මේ වෙලාවේ ආරක්ෂක ප්‍රධානීන්ට ස්තූතිවන්ත වෙනවා ව්‍යවස්ථා ආරක්ෂා කරමින් කටයුතු කිරීම ගැන නෛතික නොවන අවනීතික නායකයා බලතල අතට ගන්න උත්සාහ කිරීම ප්‍රතික්ෂේප කරලා ජනතාවගේ පැත්තේ සිට මේ වව්‍යවස්ථාව ආරක්ෂා කරන කටයුතු කිරීම පිළිබඳව හමුදා පතිවරුන්ට හා නීතිය භාරව ඉන්න නිලධාරීන්ට ස්තූතිවන්ත වෙනවා .මේ ප්‍රශ්නය නිවැරදි කරගන්න පුළුවන් පාර්ලිමේන්තුව තුළයි ඒ හරහා කටයුතු කරලා ඉක්මනින්ම රටට වගකියන අග්‍රාමාත්‍යවරයෙකු හා ඒ හරහා ඉදිරි කාලසීමාවට ජනාධිපතිවරයෙක් පත් කර ගන්නා තුරු ඔබතුමන්ලා යටතේ රටේ නීතිය හා ආරක්ෂාව තියෙනවා. අපි ඔබතුමන්ලාට ගරු කරනවා. අරගලකරුවන් කියන්නේ රනිල් වික්‍රමසිංහ කියනවා වගේ මොනාවත් නැතිකමට ඇවිල්ල ඉන්න අය නෙමෙයි ප්‍රශ්න දිහා දේශපාලන අධිකාරිය විසඳයි කියන බලාපොරොත්තුව තුළ දේශපාලන අධිකාරීන් සිදු නොවෙන කොට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඇමතිවරු බලවත් අය කිසි කෙනෙක්ට ඇහුම්කන් නොදී ගෝඨාභය රාජපක්ෂ කියන මානසික ආතතියකින් පෙළෙන පුද්ගලයාගේ මතය තහවුරු කරමින් හිටපු අය නිසා අරගලය ආරම්භ වුණා නැත්තම් විපක්ෂය විදියට අපි මේ දේවල් බොහොම ඈත කාලයේදී පෙන්වලා දුන්නා .ඒ කිසි දෙයකට ඇහුම්කන් දුන්නේ නැහැ. රජය අතීතයට ගිහිල්ල බැලුවනම් විපක්ෂය කාර්යභාරය හරියට කරල තියනවා අපි පාරේ මේ දේවල් කරා අපිට පාර්ලිමේන්තුවෙ ඔළුගෙඩි ප්‍රමාණවත් නැති නිසා අපි ජනතාවත් එක්ක පාරට ආවා ඒක නිසා තමයි අපි නුවර සිට කොළඹට පාගමනක් ආවේ . ඒ තුළින් තමයි අරගලය ආරම්භ වුණේ gota go home කියන පණිවිඩය අපි අරගෙන ආවේ නුවර ඉදන් කොළඹට. අපි අපිත් අරගලයට පණ දුන්න මිනිස්සු ඒ හරහා තමයි අද ජයග්‍රහණ ලබමින් සිටින්නේ ඒ නිසා මේ අරගලයට විවිධ අර්ථකථන දෙන්න යනවා විවිධ පුද්ගලයෝ ඇතුල් වෙනවා විවිධ මත වාද ඇතුල් වෙනවා නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ඕන රටට වග නොකියපු රාජපක්ෂ පාලනය මේ රටෙන් ඉවත් කර වගකිවයුතු පාලනයක් ගෙන ආ යුතුයි.

2019 ගෝඨාභය රාජපක්ෂ ලක්ෂ හැට නමයක් ඡන්දය ගන්නකොට ප්‍රතිවාදියා විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමා ලක්ෂ පනස් හයකට ආසන්න ප්‍රමාණයක් ඡන්ද ගත්තා ඒ නිසා ඒ ජන මතය තහවුරු කරලා තියෙනවා එයට ඇහුම්කන් දෙන්න ඕන ආණ්ඩු පැත්ත සම්පූර්ණම අසාර්ථක වෙනකොට ඊළඟට ඇහුම්කන් දෙන්න ඕන විපක්ෂයට එහි මුල් පුටුව සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපි කතා කරන්නේ අපේ පක්ෂයේ නායකයා කියන තැන ඉඳල නෙමේ සජිත් ප්‍රේමදාස මැතිතුමා රට නියෝජනය කරලා තියෙනවා අරගලය පැත්තට අපි නායකත්වය දුන්නා විපක්ෂය විදිහට මේ රටේ ආණ්ඩුව ගෙන ගිය වැරදි මත වාද ජනතාවට පෙන්වා දුන්නා. 94 ඉඳලා අපි විපක්ෂය හිටියා නමුත් මෙවැනි වාතාවරණයක් රට තුළ නිර්මාණය වුණේ නෑ ජනතා නැගිටීමක් සිදු වුණේ නෑ ඒ නිසා කාටවත් ඇඟිල්ල දික් කරන්න බැහැ විපක්ෂය විදියට කාර්යභාරය ඉෂ්ට කළේ නෑ කියන්න බැහැ අපි ඉෂ්ට කළා. අපි කියන දෙයටත් පාර්ලිමේන්තුව ඇහුම්කන් නොදීම නිසා අපි ජනතාව ළඟට ආවා ජනතාව ඒ මතය තහවුරු කරපු නිසා තමයි නුවර ඉඳන් කොළඹට ඇවිල්ලා ඒ මතය ජයග්‍රහණය කරන්න පෙළ ගැහිලා ඉන්නේ.

ඊයේ අපි දැක්කා අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කරගත්තා හැබැයි එහි කිසිදු දේපල හානියක් සිදු වුණේ නැහැ ඒ නිසා මේ අරගලය නිවැරදිව යනවා එය විනාශ කරන්න මේ හරහා වාසි ගන්න යම්කිසි ප්‍රමාණයක පිරිසක් උත්සහ කරනවා ඒ කඩාකප්පල් කරල නැවත අවනීතික ව බලය තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් යනවා අග්‍රාමාත්‍යවරයාගේ නිවස ගිනි තැබීම ගැන විවාදයක් අපට තියෙනවා ගිනි තියාගත්ත කියනවා මේ කුමන්ත්‍රණ ඉදිරියේදී සිදු වෙන්න පුළුවන් ඒ නිසා අපි කියනවා අරගලය තුළ නායකත්වය දෙන සියලු දෙනාම කල්පනාකාරීව කටයුතු කරමු පාර්ලිමේන්තුව තුළයි විවස්ථාව අනුව මේ ගැටලුව විසඳන්න තියෙන්නේ ඒ නිසා පාර්ලිමේන්තුවට සියලු දෙනාට එන්න පුළුවන් වාතාවරණය හදන්න. ඒ ආවට පස්සේ නැවතත් පාර්ලිමේන්තුවේ පහුගිය කාලේ තිබිච්ච ඔළුගෙඩි හුවමාරුව සිදු වෙන්න පුළුවන්ඒ නිසා රටට ආදරය කරන පුද්ගලයෙක් නම් ගැටළුව හදුනාගත් පුද්ගලයෙක් නම් අද පොහොට්ටුවේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ආවත් මේ රටේ මතවාදයට ඇහුම්කන් දීලා පාර්ලිමේන්තුව තුළින් සර්වපාක්ෂිකව මේ ප්‍රශ්නය විසඳන්න ඒ තුළ තියෙන සුදුසුකම් පුද්ගලයන් ඉස්සරහට ගේන්න කුහකත්වය පැත්තකින් තියලා කටයුතු කරන්න සමහරුන්ට තියෙන්නේ සජිත් ප්‍රේමදාස පත්වෙනකොට තිබෙන දේශපාලන ගැටලුවක් මොකද දේශපාලන පක්ෂවල නියෝජිතයන් මෙතන ඉන්නේ ඒ නිසා දේශපාලනය පැත්තකින් තියන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති ධුරයට එන්නේ තමන්ගේ බලය තහවුරු කර ගන්න නෙමෙයි එතුමා එන්නේ 19 ටත් එහා ගියපු බලතල ගෙනල්ලා සංශෝධන දීලා ජනාධිපති වරයාගේ බලතල කප්පාදු කරලා පාර්ලිමේන්තුවට ඒ බලතල ගෙනල්ලා ජනතාවට ඒ බලය බෙදිල යන විදියට ව්‍යවස්ථාවක් වෙනස් කරන්න. එය තාවකාලික යුගය නියෝජනය කරන්න තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් කරන්නේ ඒ නිසා බොහොම ගෞරවයෙන් ඉල්ලනවා රටේ උද්ගත වෙලා තිබෙන ප්‍රශ්න සියල්ල විසඳන්න පුළුවන් පුද්ගලයින් බවට පත්වෙන්න මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් පත් වෙලා ආපු මන්ත්‍රීවරුන් වන අපිට ඒ වගකීමක් තියෙනවා ඒ නිසා තවත් මේක තුළ දේශපාලන ඩීල් දාන යන්නේ නැතිව දේශපාලන මත උස්සල ගන්නේ නැතුව සැබැවින්ම ජනතාවාදීන් විදියට සැබැවින්ම රටේ මතුවෙලා තියෙන අරගලයෙන් මතවාදයට ඇහුම්කන් දීලා රටට නිවැරදි නායකයෙක් පත් කරගන්න කටයුතු කරන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රී වරුන්ගේ ඉල්ලනවා අපිට අද තියෙන ප්‍රශ්නය තමා හෙට දවස පාර්ලිමේන්තුව රැස් වුණාම ජනාධිපතිවරයා ගේ ලියුම ආවත් නැතත් ධූරය අතහැර දා ගිය උන්මන්තකයා සේ සලකා මේ රට හුදෙකලා වෙන්න නොදී ඉදිරියට කටයුතු කරගෙන යෑම.

එම නිසා කතානායකතුමාට කියනවා මේ තුළ රූකඩයෙක් වෙන්න හදන්නෙ නැතුව වහාම හෙට දවසෙ පාර්ලිමේන්තුව නිවැරදි වෙලාවට කැඳවලා මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කරගන්න පාර්ලිමේන්තුවෙන් මේ ගැටලුව විසඳන්න අවස්ථාව උදා කරලා දෙන්න කියන එක ගෞරවයෙන් ඉල්ලනවා .