කොරෝනා වසංගතය ට වඩා රාජපක්ෂ වසංගතය මේ රටෙන් තුරන් කිරීම දේශපාලන වශයෙන් ඉවත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි .
ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,
අපේ ගෘහණියන් අම්මා වරු කුස්සිය තුල මේ දවස්වල තමන්ගෙ උයන පියන කටයුතු සිදු කරන ආකාරය එයා බෝම්බ නිශ්ක්‍රිය අංශය කරන අය පාවිච්චි කරන ඇඳුම් ඇඳගෙන තමයි ගෘහණියන් රාජපක්ෂවරුන්ට පින්සිද්ද වෙන්න උයන පිහන කටයුතු කරන්නේ මෙවැනි තත්ත්වයක් රටට උදා වෙයි කියන විශ්වාසය අපි හීනෙකින්වත් හිතුවේ නැහැ මොකද රටේ ජනතාවගේ ඇගේ මැස්සෙක්වත් වහන්නෙ නැති තත්ත්වයට රට ආරක්ෂා කරන්න ජාතිය ආරක්ෂා කරන්න විශ්වාසය තියෙන නායකයෙක් තමයි වර්තමාන පාලක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයා ඔහු අසාර්ථක වීම සමත්වීම මෙය තුළ තියෙනවා අපි දකිනවා විශේෂයෙන්ම රටේ දෛනික ජීවිතය අඩපණ කරන්න ඉතා සූක්ෂම ලෙස මේ ආණ්ඩුව දැනුවත්ව ක්‍රියාමාර්ග ගත බව අපි පැහැදිලිව කියනවා දැන් පොහොර ප්රශ්නය දීර්ඝ වශයෙන් මේ රටේ ජනතාව පැහැදිලිවම කිව්වා කාබනික පොහොර වගාව හොඳයි හැබැයි ඒක ක්‍රමානුකූලව සිද්ධ විය යුතු දේ සඳහා යායුතු ගමන කුමක්ද කියලා යට ඇහුම්කන් නොදෙන අකීකරු කාලකන්නි ආණ්ඩුවේ ජනාධිපතිවරයා ප්රමුඛ මැති ඇමැතිවරුන් මාස ගණනාවක් ඒ පිළිබඳව මත කටයුතු කිරීම පිළිබඳව කොයිතරම් නන්නත්තාරද අපි දැක්කා එළවළු මිල අහස උසට ඉහළ ගියා එය අඩු වීමක් සිද්ධ වෙලා නැහැ අනෙත් සියලු භාණ්ඩ ඉහල ගිහින් තියෙනවා ඒ සියලු දේ දැනුවත්ව මේ ආණ්ඩුව කළ බව මේ වෙලාවේ අපිට අනාවරණය වෙමින් පවතිනවා අවසානයේ ආණ්ඩුව මොකද කර පොහොර නැවත ගේන්න කළුකඩ කාරයන්ට අවසරය දුන්නා කල්පනා කරලා බලන්න මොවුන් ගේ ගජ මිතුරන්ට අවශ්‍ය අසාධාරණ වැඩපිළිවෙළ නිර්මාණය කිරීම සඳහා මේ රටේ අහිංසක ජනතාව පාවිච්චි කරන ආකාරය පොහොර ගේන්නේ නැතුව කෘෂිකර්මාන්තය අඩපණ කරනවා කෘෂිකර්මාන්තය බිමට වැටුණට පස්සේ ගොවීන්ට නැවත වතාවක් 1500ට තිබුණු පොහොර මිටියක් දොළොස් දාහට දහතුන් දාහට ගන්න තැනට පත්වෙලා ඒ ව්‍යාපාරිකයා හරහා තමන්ගේ සාක්කු පුරවා ගැනීමේ කූඨ නින්දිත පහත් වැඩපිළිවෙළ අපි හෙළා දකිනවා එහි තවත් දිගුවක් හැටියට තමයි අපි දකින්නේ ගෑස් ප්රශ්නය.
අපි දන්නවා ප්‍රොපේන් සහ බියුටේන් කියන වායු දෙකේ තියෙන යම් වෙනස් වීම පැහැදිලිව හොයාගෙන තියෙනවා ඒ නිසා මේ වායු වල වැඩ වීම තුළ එක පැත්තකින් පීඩනය වැඩි වෙනවා එක පැත්තකින් දහනය වැඩි වෙනවා ඒ තුළ ගෑස් ටැංකි ඉක්මනින්ම ඉවර වීම උදෙසා යම් අසාධාරණයක් හෝ කූට වැඩපිළිවෙලක් මේ සමාගම් කරපු බව ඔප්පුවෙලා තිබියදී ඒ සඳහා පියවරක් ගන්න ආණ්ඩුව කටයුතු කරල නැහැ ආණ්ඩුව මොකක්ද කරන්නේ නැවත පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් දාල තියනව දැන් තේරීම් කාරක සභාවක් සාකච්ඡා කරන මේ මොහොතේ කීයක් ගෑස් ගිනි අරගෙන දැන් එන තත්ත්වයට පත් වෙලා.මේ කාරණය නිසා ඔලමොට්ටල ආණ්ඩුවට ගෑස් ආවෙ නෑවෙන් නම් අපේ රටේ ජනතාවට ගෑස් පිළිබඳ විශ්වාසය තියන්න අවස්ථාවේ ආණ්ඩුව කිව්වේ අපි දැක්කා සමහර මාධ්‍ය ආයතන වල නැව් වෙනවා පෙන්නුවා එහිදී ගෑස් නැති වෙයි කියලා පෝලිමේ හිටපු කට්ටියට යම් සතුටක් දැනෙන්න ඇති ඒ සතුට ගෙන දෙන ඉතිහාසයේ පොඩි ළමයි සතුටු කරනව වගේ තමයි ගෑස් නැව පෙන්නලා මේ ආණ්ඩුව ජනතාව සතුටු කරේ හැබැයි එහෙම ගෑස් නැව් ඇවිල්ල පෝලිමේ ගත්ත ගෑස් අරගෙන ගෙදර ගිහිල්ලා ආරක්ෂක ඇඳුම් දාගෙන තමයි කුස්සියේ උයන වැඩ කටයුතු කරන්න වෙන්නේ ඒනිසා මම කියනවා ගෑස් නැවේ ආපු ගෑස් සියල්ල ම මේ සංයුතියේ වෙනස් වෙච්ච ගෑස් නැවක් හැටියට උදාහරණ සහිතව ඔප්පු වෙලා ඉවරයි එහෙමනම් මේ සංයුතිය වෙනස් කරපු ගෑස් සිලින්ඩර අද රටපුරා කොහෙද තියෙන්නෙ කියලා ආණ්ඩුව දන්නවා මේ ආයතන දන්නවා ඉතා කඩිනමින් කළ යුත්තේ මේ සංයුතිය වෙනස් කරපු සියලුම ගෑස් ටැංකි ටික එක පැත්තකින් තබා මුද්‍රා තැබිය යුතුයි රටේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා. මේක ආයෙ අලුතෙන් කියන්න ඕන නැහැ රාජපක්ෂ මහත්තයට මේක තේරෙන්නේ නැතුව නෙමේයි මේ මොකක්ද කරන්නේ අනතුරුදායක ගෑස් ටැංකිටි ක ගිනි දැවිලා පිපිරිලා ගියාම තමයි ඒ ව්‍යාපාරිකයා ඒ සමාගමේ ගෑස් ටැංකි ටික අවසාන වෙනකන් ආණ්ඩුව රටේ ජනතා මැරෙනකම් බලාගෙන ඉන්නේ රාජපක්ශලා ගේ න්‍යාය ඒකයි මෙයාලා අපේ රට ගනුදෙනු හරහා දැනුවත්ව සංයෝගයෙන් වෙනස් කරලා තවත් ගෑස් ටැංකිය ලබාගැනීම වෙනුවෙන් කටයුතු කිරීම සියලු දේ දන්නා නිසා ආපු ගෑස් වල ඒ පාඩුව ගෑස් සමාගම් යොදවා ගැනීම වළක්වා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටීම ඉතා පහත් ලෙස හෙළා දකිනවා ඔවුන්ගේ දේපළ ජීවිත ගිනි අරන් පුපුරනවා උනාට කමක් නෑ ඒ ගෑස් වෙළෙඳපොළ විකුණුවාට කමක් නෑ රැස්වීම් තියලා කාරක සභා කියලා විශේෂ කාරක සභා තියලා ඒ අවසාන තීන්දු වෙනකොට මේ බාල ප්‍රමිතියෙන් පහත් ගෑස් ටැංකි ටික ඔක්කොම ඉවර වෙලා ඇති ඒ නිසා මම හිතනවා මේ ගන්න තීන්දු කැකිල්ලේ තීන්දු මෝඩ තකතීරු තීන්දු ගන්න පාලනයක් නිර්මාණය වීම සඳහා කටයුතු කරපු සමහර මේ රටේ වියතුන් උගතුන් මහා සංඝරත්නය අද දුක් වෙනවා ඇති වෙනස කියනවා පැහැදිලිවම මේ කාලකන්නි වැඩේ කරන්න එපා.
කෘෂි කර්මාන්තය නැති නිසා මිනිහා බොහොම අමාරුවෙන් පොහොර ටිකක් හොයාගෙන වී වගාව කරලා හාල් ටික එළවළු ටික අරගෙන දැන් ගෙදරට ගිහිල්ලා ඒ හොයාගත්ත දේ උයාගෙන කන්න බැරි තැනට පත් වෙලා ඒ නිසා මේ කොරෝනා වසංගතයේ මිය දෙනවට වඩා තමන්ගේ ජීවින වෘත්තිය අහිමි වෙලා හොයාගන්න දේ උයාගෙන බඩට දාගන්න බැරුව මිනිස්සු කී දෙනෙක් අද රටේ මැරෙනවා ඇතිද ඒ නිසා මේ කනගාටුව මේ රටේ ජනතාව භුක්ති විඳීම පිළිබඳව අපි කණගාටු වෙනවා මේවා රටෙන් කාලකන්නි පාලනයට විරුද්ධව නැගී සිටීමේ අයිතිය අපි සමගි ජන බලවේගය හැටියට නිර්මාණය කරත් අපේ තියෙන ප්‍රමාණය අනුව ඒක කරගන්න බැහැ හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොකක්ද මේ නටන නාඩගම නිදහස් පක්ෂය අද පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් මාධ්‍ය තුළ ආණ්ඩුව වැරදි ආණ්ඩුව හොරකම් ආණ්ඩුව යන ගමන සියල්ල වැරදියි කිව්වට ඔවුන් ගන්න තීන්දුව මොකක්ද මේ ආණ්ඩුවට වෙලා ආණ්ඩුවෙන් එලියට බහින්නේ නැතුව මොකක්ද කරන්නේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගෙන් අහන්නේ ආණ්ඩුව ඇතුළේ ඉන්නේ මන්ත්රීකම් සහ ඒ වරප්‍රසාද භුක්ති විදලා තමන්ගේ දේශපාලන ගමන අනාගතය ආරක්ෂා කරවීම වෙනුවෙන් රඟ දක්වන නාඩගම නවත්තලා මේ කාලකන්නි ඒකාධිපති ආණ්ඩුව පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තුව යම් සාධාරණ තීන්දුවක් ගන්න බොරුවට එළිය කෑගහලා වැඩක් නෑ අරයගේ කුණු මම දන්නවා එයාගේ කුණු මම දන්නවා ඒව හාරන්න යනවා කියලා මං දැක්කා දයාසිරි මහත්තයා කෑගහනව ඕක නෙමෙයි කරන්න ඕන ඔයාලා දේශපාලන වශයෙන් ඉන්න ආණ්ඩුව හොඳ නැත්තේ ආණ්ඩුව යන්නේ මේ රටේ ජනතාව මරන්න නම් ඒ ආණ්ඩුව තුළ මේ කටයුතු දිගින් දිගටම කෙරෙනවා නම් ඒ සියලු අඩපණ කිරීම කරන්න පුළුවන් පාර්ලිමේන්තුවෙන් අනිත් පැත්තට ඇවිල්ලා වාඩි වෙලා ස්වාධීනව කටයුතු කරන්න එහෙම වෙන්නේ නැහැ එහෙම කරන්නෙත් නැහැ අපි දන්නවා එයාලගේ ගනුදෙනු ඩීල් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බොරු රඟදැක්වේ කරලා තමන්ගේ තනතුරු දේශපාන අවශ්‍යතාවය වෙනුවෙන් බොරුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය කෑගහන බව අපට පේනවා අද මුදල් ඇමතිවරයා රටේ නැහැ හැබැයි අයවැය යනවා එහෙ ඉදිරිපත් කළේ මුදල් ඇමතිවරයා එහෙමනම් මුදල් ඇමැතිවරයා මේ අය වැය විවාදය තුළ අවසානය දක්වා පාර්ලිමේන්තුවේ ද ඉන්නේ ඉන්දියාවේද අපි දන්නවා මේ අයවැය ලේඛනයට මුදල් නැහැ මහා සුරංගනා ලෝකයක් රටේ නිර්මාණය කරලා මහා විශාල ණයක් ලබා ගැනීම තුළ මේ අයවැය ලේඛනය ක්‍රියාත්මක වෙන්නේ එහෙමනම් ඒ අවසාන වෙන්න කලින් මේ රටේ මුදල් තත්ත්වය පිළිබඳව අවිනිශ්චිතයි අපි දන්න විදිහට ලැබිච්ච තොරතුරු අනුව බැසිල් රාජපක්ෂ මහත්තයා ඉන්දියාවට ගිහිල්ලා තියෙන්නෙ මුදල් ඉල්ලන්න අපි දන්නේ නෑ එනකොට මොකක් විකුණන්න කතා කරගෙන එයිද කියලා මේවා බැසිල් රාජපක්ෂ මහත්තයාගේ දේපල නෙමෙයි මේ රටේ අහිංසක ජනතාවගේ අනාගතයට දරුවන්ට භුක්තිවිදින තියෙන ඒ සම්පත් ටික විකුණමින් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නිර්මාණය වෙන මේ කාලකන්නි වැඩ පිළිවෙළේ අවසානය දැකීම සඳහා සාධාරණ දේශපාලන වැඩි පෙළ අපි නිර්මාණය කරනවා.
බැසිල් රාජපක්ෂ මහත්තයා ඇයි ගියේ කියලා දැන් රටේ ජනතාවට කුතුහලයක් තියෙනවා අපි දන්නවා එතුමා යන්නේ මොකක් හරි පෙන්නලා ඒක විකුණල තමන්ගේ කඩා වැටිච්ච හොරකම දුෂණය වංචාව තුළ කඩා වැටිච්ච ආර්ථිකය ගොඩනගන්න කියලා අපි දන්නවා හැබැයි ඒකෙන් සල්ලි වලත් තමන්ගේ සාක්කුවට දා ගන්න කියන දේ පැහැදිලි ඒ ගැන දේවල් රටේ ජනතාවට ප්‍රයෝජනයක් නෙමෙයි කියන කාරණය මේ වෙලාවේ මතක් කරනවා.
මේ සියලූ කාරණා රටේ ජනතාවට දැන ගන්න තිබුණු මාධ්‍යයන් සියල්ලටම නිවැරදිව තොරතුරු දැන ගන්න තිබුනා තොරතුරු දැනගැනීමේ පනත ඒ අනුව නිර්මාණය වෙච්ච කොමිෂන් සභාව සත්‍ය තොරතුරු රටට ජනතාවට මාධ්‍ය ආයතන වලට වසන් නොකර සියලු තොරතුරු දැනගැනීමේ අයිතිය අපි එදා යහපාලන ආණ්ඩුවේ හැදුවා අද ඒකම සභාව අක්‍රිය වෙලා මාස තුනයි මේ රටේ ජනතාවට සියලු දේ වසන් කරලා තමන්ගේ හොරකම වැඩකම වැරදි දේශපාලන තීන්දු තීරණ ගැනීම සඳහා මේ රටේ සියලු දෙනාට දැනගත ඒ පනත අනුව ක්‍රියාත්මක වෙනු කොමිෂන් සභාව වහාම ජනාධිපතිතුමා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරන්න ඒ නිලධාරීන් මාස තුනක් වෙනකම් කරලා නැහැ නිලධාරීන් පත්කර මොකද වෙන්නේ ආණ්ඩුවෙත් වැරදි රට හමුවේ ජනතාව හමුවේ මාධ්‍ය ආයතන හරහා නිර්මාණය වෙනවා වගකිවයුතු මාධ්‍ය ආයතන සියලු තොරතුරු රටේ ජනතාවට සත්‍යවාදී තොරතුරු නැවත ලබා දීම සඳහා ඔබට ලබා දී තිබුණු ඒ අයිතිය හද කෙළෙසමින් වනසමින් වළක්වමින් කටයුතු කරලා තියෙනවා මේවා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ආණ්ඩුවට හැමදාම රාජපක්ෂ මහත්තයට කෙරේ රටේ සැබෑ තොරතුරු වසන්කර සැබෑ මාධ්‍යවේදීන්ගේ ඒ කටයුතු වසන් කරන්න අවශ්‍ය ඉඩකඩ රෝගීන් නීතිය සහ අයිතිය පාවිච්චි කරා අද ඒ තොරතුරු දැනගැනීමේ අයිතිය නැති වෙලා.
අද විදුලි අර්බුදයක් නිර්මාණය වෙලා ඒක කුමන්ත්‍රණයක් කියන කාරණය නෙවෙයි අපි දකින්නේ මේ රටේ රටට අවැසි සම්පත් විකිණීම වෙනුවෙන් සමහර තැන්වල අරගෙන තියෙන අකීකරු තීන්දු ගුරු ගැටලුව අවසානය ආණ්ඩුවට රිවස් වෙන්න වුණා ඒ නිසා මම හිතනවා ආණ්ඩුව ඇතුලේම යුගදනවි බලාගාරයේ ඇමරිකාවට ලබාදීම ඒ අකටයුත්ත පිළිබඳව දැවෙන ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් දෙන්න රටේ ජනතාව අසරණ කරන්න එපා මේවා කතාබහ කරල විසඳිය යුතු තමන්ගේ කොමිස් ගැන හිතන්නේ නැතුව රට ගැන හිතලා තීන්ත තීරණ අරගෙන මේ රටේ උගතුන් වියතුන් ඉංජිනේරුවන් විදුලි කම්කරුවන් සියලු දේට ඇහුම්කන් දීලා රටේ ජනතාව අසරණ නොකර කටයුතු කරන්න දෑස් නැහැ කන්න විදියක් නැහැ උයාගන්න විදිය නැහැ ඒ සඳහා දර කඩන්න කැලේට යන්න වෙලා ඒකටත් කැලෑවක් නැහැ කියලා දැන් අවසානයේ බොහොම අමාරුවෙන් මොනවා හරි හොයාගන්න දේ කටට දාගන්න එළියක් නැති වුනොත් රෑට දවාලට මම හිතනවා රෑවෙනකොට ජනතාව කොච්චර අසරණ වෙයිද මේ තරම් අඳුරු යුගයක් ඛේදනීය යුගයක් නිර්මාණය වෙයි කියන කාරණය පැහැදිලිව රාජපක්ෂවරුන්ගේ අපි හිතුවේ නැහැ ඒ නිසා රාජපක්ෂ මේ රෙජිමයේ අවසානය දකින්න පුළුවන් සාධාරණ දේශපාලන වැඩපිළිවෙළ සමගි ජන බලවේගය තුළ අපි නිර්මාණය කරනවා කියන කාරණය මතක් කරනවා.
මේ අදහස් දැක්වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විපක්ෂ නායක කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවේ දීය..