අද (01) දුම්රිය සේවකයින් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

දුම්රිය වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති මෙම වර්ජනයට එන්ජින් රියදුරන් සහ දුම්රිය නියාමකයින් ද එක්ව සිටින අතර මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත්තේ දුම්රිය සේවකයන්ට සේවයට වාර්තා කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා නොදීම හෙතුකොටගෙනයි.

මෙම වැඩවර්ජනය නිසා අපහසුතාවට පත්වූ ජනතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන්කාරීව හැසිරෙන බව වාර්තා වේ.

කලින් ආසන වෙන්කරගෙන දුම්රියෙන් යෑමට පැමිණි ජනතාව මෙහිදී දැඩි අපහසුතාවට පත්වූ අතර විශාල ජනකායක් මේ වන විට කොටුව දුම්රිය ස්ථානයේ රැදී සිටිති.

මෙම තත්වය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරු සේවයෙන් ඉවත් විය. 

එම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් කිසිවෙකු කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත වාර්තා නොකිරීමෙන් කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් දැඩි අපහසුතාවට පත්වූහ.