කෘෂිකර්ම අමාත්‍යාංශයේ ක්‍රියා කටයුතු නිසා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පඹයෙක් ගානට වැටි ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණි කවිරත්න මහත්මිය පවසයි .
මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් .
එතුමිය වැඩි දුරටත් කියා සිටියේ ,
“කෘෂිකර්ම අමාත්‍යාංශයේ ක්‍රියාකලාපය නිසා අද බැසිල් රාජපක්ෂ මහත්තයා අද පඹයෙක් ගානට වැටිලා . අප්‍රේල් පලවෙනිදා වචනයටත් කියන්නේ මෝඩයා ගේ දවස කියලා එදින ගත්ත මෝඩ තීරණයක් කෘෂි රසායන ආනයනය තහනම් කරනවා කියලා 2021 අප්‍රේල් 20වෙනිදා ඒ මෝඩ තීරණය මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නීතියක් බවට පත්කරලා ගැසට් එකක් ගැහුවා එය පළිබෝධනාශක ගෙන්වීම තහනම් කියලා. පසුව 2021 නොවැම්බර් 21 වෙනිදා ගැසට් එක නිල වශයෙන් රිවස් කරා කෘෂි රසායන ගෙන්වන දෙනවා කියලා පහුවෙනිදම කෘෂිකර්ම ඇමති තුමා මොකක්ද කළේ පලිබෝධනාශක රෙජිස්ටාර් අයින් කරා කෘෂිරසායන ගෙවන්න බැරි වෙන විදියට. පහුගිය දවස් වෙනකම් කිසිම ණයවර ලිපියක් නිකුත් කර තිබුණේ නැහැ බැංකුවලින් කෘෂි රසායන ගෙන්වන්න මේ වනවිට ගැසට් එක අයින් කරලා සති 5 යි තවම කිසිම රසායනිකයක් ගෙනත් නැහැ. හැබැයි වෙන්න අගමැති මොල හතක් තියෙනවා කියනවා සර්වබලධාරියෙක් කියනවා ඒ උනාට බැසිල් රාජපක්ෂ මුදල් ඇමති තුමා කියන කිසිම දෙයක් කෘෂිකර්ම අමාත්‍යාංශය පිළිගන්නේ නැහැ අද බැසිල් රාජපක්ෂ ඇමතිතුමා පඹයෙක් ගානට දාලා. කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කරන්නේ එතුමා කියපු කිසිම දෙයක් සත පහකට ගණන් ගන්නෙ නැහැ .නමුත් මුදල් ඇමතිතුමාත් දැනගන්න ඕන අපි දන්නේ නැහැ දැන් ඉන්න කෘෂිකර්ම ඇමති ඊළඟ කැබිනට් සංශෝධනයට එතන ඉඳීද කියලා ඊළඟට එන කෘෂිකර්ම ඇමති තුමා හරි දැනගන්න ඕන මේ රටේ නැගෙනහිර භූමියෙන් වගා කරල තියෙන්නෙ තුනෙන් එකයි. ඒ වගේම මේ රටේ මහ කන්නයේ ලැබෙන අස්වැන්න ලැබෙන්නේ භාගයයි කියලා මේ වෙනවිට ගණන් හදලා තියෙනවා. මහවැලි කලාපවල මාතලේ දිස්ත්‍රික්කයේ ගොයම් වගාව වී වගාව ගන්න බැරි තත්ත්වයට පත්වෙලා හේතුව ගොයම් ගහට වඩා වල් ගහ උසයි මේ වෙනකොට ගොයම් ගහ කලාඳුරු ගස් වගේ තියෙන්නේ. සති පහක් වෙනකොට හොඳට කොළ ඇවිත් නැමිලා තියෙන්න ඕන. නමුත් මේ වෙනකොට තියෙන ගොයම් ගහ කලාදුරු ගහ වගේ කෙලින් වෙච්ච ගහක් තියෙන්නේ. ඒ නිසා අපිට එහෙම ගහකින් හොඳ අස්වැන්නක් ලබාගන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නැහැ. ඒකයි නිතරම කියන්නේ මේ කන්නයේ ගොවියන්ට පිදුරු නැතිවෙනවා. හරක්ට කන්න දුන්න පිදුරු ටිකත් නැති වෙලා යනවා.”