අද රටේ සෞඛ්‍ය ක්ෂේත්රය සම්පූර්ණම කඩා වැටී ඇති බවත් එය ගොඩ ගැනීමට සෞඛ්‍ය ඇමැතිවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් මේ තුළින් අසරණ රෝගීන් දිනෙන් දින මිය යන බවත් ඒවාට කවුද වගකියන්නේ යන්න මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා විපක්ෂ නායක කාර්යාලයේ අද (27) පැවැති මාධ්‍ය හමුවකදී විමසා සිටියේය.
ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනල්ලා ඒ තුළින් බංකොලොත් වෙච්ච දේශපාලනඥයෝ නැවතත් බලයට එන්න කුරින්දි විහාරයේ ප්රශ්නය තුළින් ජාතිවාදය ආගම්වාදය අවුස්සලා ජාතීන් අතර අර්බුද ඇති කරන්න උත්සාහ කරන බවත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
මේ වන විට සෞඛ්‍ය සේවාවේ තත්ත්වය බරපතළ විදියට අර්බුදයකට ගිහිල්ලා. සෞඛ්‍ය සේවාව පිළිබඳව ඇමතිවරයා රජයක් හැටියට ගන්නා ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැහැ කියන එක මනාව පැහැදිලියි.ඖෂධ හිගයත්, වෛද්‍ය උපකරණ හිඟයත්, වෛද්‍යවරුන්ගේ හිඟයත් කාර්යමණ්ඩල හිගය සෞඛ්‍ය අර්බුදයට විශාල ලෙස බලපා තිබුණත් එය විසඳන්න කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් අපිට පේන්න නැහැ. ඖෂධ ව්යයාපාරිකයන්ගේ ආරාධනා මත