කුමන්ත්‍රණ කාරී කණ්ඩායමක් හා ආණ්ඩුවේ කණ්ඩායම් එකතු වී මුදල් වියදම් කරමින් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වට්ටන්න උත්සාහ කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා බලයට ආ පසු නැවත මේ රට වෙනත් පක්ෂ අතට ගැනිමට නොහැකි වන නිසා බව පැවසූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා කියා සිටියේ එ හෙයින් විවිධ කුමන්ත්‍රණ දියත් කරමින් ඇති බවයි .

ඔහු මේ බව පවසා සිටියේ අද(04) විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

වැඩි දුරටත් පැවසූ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා ,

“අපි පැහැදිලිව දන්නවා මේ රට ඉදිරි කාලය තුළ කරන්න පුළුවන් එකම නායකයායි ඉන්නේ ඒ සජිත් ප්‍රේමදාස මැතිතුමා විතරයි. එතුමා මේ රටේ හිටපු නායකයන් ගෙන් කරපු සියලු දේවල් සම්බන්ධව ඉතාමත්ම නිහතමානීව අධ්‍යයනය කරලා හොඳ දේවල් ටික අරගෙන ඒ දේවල් වලින් ඉගෙනගත් ටිකත් අරගෙන අඩුපාඩු හදාගෙන යනවා එහිදී එතුමා ඉදිරියට අරගෙන යන වැඩපිළිවෙළ සකස් කරලා තියෙන්නේ ඔහු නිහතමානී නායකයෙක් හොරකම, මැරකම, වංචාව ,දූෂණය ගෑවිලාවත් නැති නායකයෙක් අතේ ලේ තැවරිලා නැතුව ඉන්න එකම නායකයා.ඒ නායකයාට මේ රටේ පුංචි මිනිස්සුන්ගේ ඉදන් මහා ව්‍යාපාරිකයන් දක්වා සියලු දෙනා ගැන ලොකු හැඟීමක් තියෙනවා ඒ වගේම ලොකු පිපාසයක් තියෙනවා ඒ ජනතාවට වැඩ කරන්න.

මේ වෙනකොට අපේ නායකයා සජිත් ප්‍රේමදාස කියන චරිතය හදලා ඉවරයි ගමේ සංවර්ධනය කොහොමද කරන්න ඕන කියලා හදලා ඉවරයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක අපට මේ රට හරියට කරන්න බෑ කියනවා නම් ඒක පට්ටපල් විහිළුවක් අපි දකිනවා මේ වෙලාවේ ඒ කතාව කියන්න හේතුව කුමන්ත්‍රණ කාරී කණ්ඩායමක් හා ආන්ඩුවේ කණ්ඩායම් එකතු වෙලා මුදල් වියදම් කරමින් සජිත් වට්ටන්න උත්සාහ කරනවා .මොකද සජිත් ආවොත් නැවත වතාවක් මේ රට ඒගොල්ලන්ගෙ අතට ගන්න හම්බ වෙන්නේ නැහැ එහිදී තවත් කෙනෙකුට ඇවිත් දේශපාලන පිනුම් ගහන්න වෙන්නේ නැහැ මිනිසුන් රවට්ටන්න වෙන්නේ නැහැ කියන එක දන්නවා

එහිදී අපේ පක්ෂයේ අයටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා සජිත් ප්‍රේමදාස කියන චරිතය ආවම පැය 24ම වැඩ කරන්න වෙනවා. නිකං ගෙදර බුදි යන්න වෙන්නේ නැහැ සැප සම්පත් වරප්‍රසාද ගන්න නෙමෙයි රටේ මිනිස්සුන්ට වැඩ කරලා මිනිස්සුන්ව ජීවත් කරවන බලාපොරොත්තු සියල්ල ඉෂ්ට කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ රට තුළ ක්‍රියාත්මක කරන්න ඕන කියලා පණිවිඩය විතරක් නෙමෙයි ඒ වගකීම අපේ ඔළුවට පවරලා ඉවරයි.”