රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක (ආවරණ) එන්. වී. ටී. ධම්මික නම් පුද්ගලයකු සකස් කරන ලද විගණන වාර්තාවක් සභාගත කර ඇති බවත් එම විගණන වාර්තාවේ සදහන් සියලු තොරතුරු විපක්ෂ නායකවරයාට සහ ඔහුගේ බිරිඳට මඩ ගැසීමේ අරමුනින් රජය විසින් සකස් කරන ලද්දක් බවත් ඒ සඳහා සාක්ෂි සහිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8) පාර්ලිමේන්තුවේදී අනාවරනය කළේය.
ඒ අනුව එන්. වී. ටී. ධම්මික නම් පුද්ගලයාට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ විගණකාධිපති වශයෙන් කටයුතු කිරීමට කිසිඳු සුදුසුකමක් නැති බවත් ඔහු උදෙක්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන හෙන්චයියෙකු වශයෙන් කටයුතු කර තිබෙන බවත් වාර්තා වලින් මේ වන විට හෙළිවී ඇත.
- රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක (ආවරණය) එන්.වී.ටී ධම්මික
- රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක (ආවරණය) එන්.වී.ටී ධම්මික
එන්. වී. ටී. ධම්මික නම් පුද්ගලයා පියා සංස්ථාවේ සේවය කරමින් සිටියදී මියයාම හේතුවෙන්, සානුකම්පිත හේතුන් මත සංස්ථාවේ අනියම් සේවකයෙකු ලෙස 1991.06.12 දින අනියම් අඛණ්ඩ සේවයට බඳවාගෙන ඇති බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් නිකුත් කරන ලද ඉහත ලිපියේ සඳහන් වේ.
එම ලිපියට අනුව……..,
1. 1998.03.26 ගිණුම් ලිපිකරු 13 ශ්‍රේණිය සඳහා තුන් අවුරුදු පරිවාස කාලයකට යටත්ව පත්කිරීම.
- එන්. වී. ටී. ධම්මික තුන් අවරුදු පරිවාස කාලයකට පත්කිරීම
- එන්. වී. ටී. ධම්මික තුන් අවරුදු පරිවාස කාලයකට පත්කිරීම
2 1999.02.01 දිනැති ලිපිය මඟින් ඉහත පත්වීම ලිපියේ සඳහන් අවුරුදු 3ක පරිවාස කාලය එක් වර්ෂයක් වශයෙන් අඩු කිරීම.
3. 1999.07.05 දිනැති ලිපිස මගින් 1999.04.01 දින සිට ගිණුම් ලිපිකරු 13 ශ්‍රේණියේ සේවය ස්ථිර කිරීම.
4. 2020.02.03 දිනැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සංගමයේ (පොහොට්ටුව) ලේකම් විසින් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වෙත යොමුකර ඇති සංගමයේ නිලධාරී මණ්ඩලය (එන්. වී. ටී. ධම්මික මහතා එම සේවක සංගමයේ කරකසභිකයෙකි)
5. 2020.02.18 දිනැති ලිපිය මගින් 2020.02.03 දිනැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත වානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ (පොහොට්ටුව) ලේකම් සහ උප සභාපතිගේ අත්සනින් යුතුව එන් වී. ටී. ධම්මික මහතා (තුෂාර විතානගේ ) වැඩබලන අභ්‍යන්තර විගණක තනතුරට පත් කරන ලෙස සංස්ථාවේ උප සභාපති වෙත කල ලිඛිතව ඉල්ලීම් කිරීම.
6. සංස්ථාවේ බඳවා ගැනීම් පටිපාටියට අනුව (SOR – 17 පිටුව) ප්‍රධාන අභ්‍යන්තර විගණක තනතුරට බාහිර සහ අභ්‍යන්තර අපේක්ෂකයින් සදහා අවශ්‍ය සුදුසුකම්.
7. ධම්මික මහතාගේ අධ්‍යාපන සුදුසුකම්
අ.පො.ස.උ/ පෙළ සහා AAT
8. 2021.05.05 දිනැති ලිපිය මගින් සංස්ථාවේ සාමාන්‍යාධිකාරිය විසින් එන්.වී. ටී ධම්මික මහතා ප්‍රධාන අභ්‍යන්තර විගණක තනතුරේ රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා 2021.05.05 දින සිට පත්කිරීම.
9. 2021.08.09 දිනැති ලිපිය මගින් එන්. වී. ටී ධම්මික මහතා විසින් සංස්ථාවේ ප්‍රවාහන කළමනාකරු අමතමින් සතියේ දින පහම සේවයට වාර්තා කිරීම සහ නිවස බලා යෑමට ප්‍රවාහන පහසුකම් සපයා ලබාදෙන ලෙස ඉල්ලා සිටීම.
10. පොහොට්ටුවේ වෘත්තීය සමිතිය විසින් කරන ලද ඉල්ලීමට අනුව අවශ්‍ය සුදුසුකම් නොමැති වූවද ප්‍රධාන අභ්‍යන්තර විගණක තනතුරේ රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා එන්. වී. ටී ධම්මික මහතා තමන් වෙත ලැබුණු පත්වීම වෙනුවෙන් කෘතගුණ සැලකීමක් ලෙස දේශපාලන වශයෙන පලි ගැනීමට සහ මඩ ගැසීමට සාවද්‍ය විගණන වාර්තාවක් 2022.02. 28 දින ඉදිරිපත් කිරීම
11.දේශපාලන වශයෙන් පළිගැනීමට සහ මඩ ගැසීමට සාවද්‍ය විගණන වාර්තාවක් සකස් කර ඉදිරිපත් කිරීමට කෘතගුණ සැලකීමක් ලෙස සංස්ථාවේ සාමාන්‍යාධිකාරිය විසින් 2022.06.21 දිනැති ලිපිය මගින් 2022.05.30 දින සිට අභ්‍යන්තර විගණක තනතුර (වැඩ බලන) සඳහා පත්කිරීම.
12.ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය (VRS) යටතේ විශ්‍රාම ගැනීමේ රාජ්‍ය ව්‍යාපාර චක්‍ර ලේඛය
( එහි 6-vill- මෙම වන්දි යෝජනා ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබා සේවයෙන් විශ්‍රාම ගනු ලබන ඕනෑම අයෙකු හට කිසිදු අවස්ථාවක රාජ්‍ය, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජයට අයත් සමාගම් සමාගම් ද ඇතුළුව රාජ්‍ය අංශයේ යළි පත්වීමක් ලැබීමට කිසිදු හිමිකමක් නොමැත.)
13. ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම ගැන්වීම පිළිබඳ පිළිබඳව සංස්ථාවේ සභාපති නීතිඥ රත්නසිරි කළු පහන මහතා විසින් 2022.05.30 දින නිකුත් කරන ලද ආයතන චක්‍රලේඛය.
( එහි 11- මෙම ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයෙන් වන්දි ලබා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නා අය නැවත රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජයට අයත් සමාගම් ඇතුළු රාජ්‍ය අංශයේ රැකියා ලැබීමට කවර හේතුවක් මත හෝ හිමිකම් නොලබති.)
14. එන්.වී.ටී ධම්මික මහතා 2023.08. 31 දින වන්දි ලබාගෙන විශ්‍රාම ගිය අතර, අසම්පූර්ණ විගණන කටයුතු සම්පූර්ණ කිරීමට යැයි පවසමින් සංස්ථාවේ සභාපති, නීතිඥ රත්නසිරි කළුපහන මහතා විසින් රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය සහ තමන් විසින්ම නිකුත් කළ චක්‍රලේඛයේ කොන්දේසි උල්ලංගනය කරමින් 2023.10.31 දින දක්වා නැවත සේවයට බඳවා ගැනීම.
15. එන්.වී. ටී ධම්මික මහතා ස්වේච්ඡා වන්දි ක්‍රමයෙන් වන්දි ලබාගෙන විශ්‍රාම ගැනීමෙන් පසු නැවත සේවයට බඳවා ගැනීමට විරෝධය පළ කරමින් සංස්ථාවේ සේවක සංගම් විසින් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් වෙත කරන ලද 2023.10.05 දිනැති පැමිණිලි ලිපිය.
16. එන්.වී.ටී ධම්මික මහතාගේ සේවා දිගුව 2023 10.31 දිනෙන් අවසන් වූ අතර, සංස්ථාවේ සභාපති නීතිඥ රත්නසිරි කළුපහන මහතා විසින් ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සංගණන කරමිටුවක් පත් කර එම කමිටුවේ සාමාජිකයකු ලෙස එන්. වී.ටී ධම්මික මහතා නම් කරමින් යළිත් වතාවක් 2023.12.31 වන දින දක්වා ප්‍රවාහන පහසුකම් සහිතව සේවා දිගුවක් ලබාදීම.
17. සංස්ථාවේ සේවක සංගම් විසින් නැවත වතාවක් 2023.11.10 දිනැති ලිපිය මගින් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් අමතමින් ඉහත පත්කිරීමට විරුද්ධව පැමිණිලි කිරීම.