එදා ප්‍රභූ පන්තියෙන් බැහැරව සාමාන්‍ය ජනතාවගේ පන්තියෙන් පැමිණි නායකයෙකු වශයෙන් රණසිංහ ප්‍රේමදාස මහතා නායකත්වයට පැමිණි මොහොතේ මෙරට කුල්ටූර් සමාජය සහ ප්‍රභූ පැළැන්තිය ඒ මහතාට එරෙහිව ක්‍රියාත්මක වූ ආකාරයෙන්ම අද සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ද ක්‍රියාත්මක වීමට සූදානම් වන බවත් එසේ විපක්ෂය තුළ කල්ලි ඇතිකිරීමට කවුරුන්ම හෝ කටයුතු කරන්නේ නම් ඔවුන් ඉටු කරන්නේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතා පවසයි.