රාජපක්ෂලා විසින් බංකොලොත් කරන ලද අප රට නැවත ගොඩ ගැනීමට නම් මුදල්, ඩොලර් සහ ආයෝජන අවශ්‍ය බවත් එ් හැර වෙන විකල්පයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම බංකොලොත් රට ගොඩ ගැනීම සඳහා විසඳුම් ඉදිරිපත් කරනවා යැයි රට පුරා මීටින් තිය තිය කයිවාරු ගහන රතු සහෝදරවරුන්ට රට ගොඩ ගැනීමට අවශ්‍ය අවම පහසුකමක් හෝ සබඳතාවක් නොමැති බවත් ජාත්‍යන්තරයේ සහයක් නොමැතිව ඔවුන්ට රට ගොඩ ගැනිය හැක්කේ කෙසේද කියා තමන්ට හිතාගන්නවත් නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (16) හගුරන්කෙත පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේදීය. එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ රට හදන්න පුළුවන් යැයි කයිවාරු ගහන හැම පක්ෂයක්ම විපක්ෂයේ සිට ජනතාවට කළ සේවය සම්බන්ධයෙන් ජනතාවට සොයා බලන ලෙසත් එසේ සොයා බැලීමෙන් අැත්තටම ජනතාවට සේවය කරන්නේ කවුරුන්ද කියා ජනතාවටම අවබෝධ කර ගත හැකි බවත් පැවසීය.
එමෙන්ම බංකොලොත් රටට විසඳුම් දෙනවා කියා තැන තැන කියවන ජනතා විමුක්ති පෙරමුණ අාරම්භ වී දශක 5කට අාසන්න කාලයක් ගත වුවත් ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට කළ සේවය සම්බන්ධයෙන් කිසිවක් නොමැති බවත් එහෙත් මීට වසර 3කට පෙර අාරම්භ කළ සමගි ජන බලවේගය කොවිඩ් සමයේත් ඉන් පසුවත් මෙරට සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් මිලියන පන්සියයකට අාසන්න පරිත්‍යාග සක්වල හා හුස්ම වැඩසටහන් තුළින් සිදු කළ බවත් විපක්ෂ නායයකවරයා පැවසීය.
එබැවින් ජනතාවට සැබැ ලෙසම සේවය කරන්නේ කවුරුන්ද කියා ජනතාවට අවබෝධ කර ගත හැකි බැවින් මෙවර මැතිවරණයේදී බුද්ධිමත්ව තීරණයක් ගන්නා ලෙස ද විපක්ෂ නායකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.