වෘත්තීය සමිති සහ කම්කරුවන් මර්දනය කිරීම සඳහා නව නීති ගෙන ඒමට ආණ්ඩුව සූදානම් බවට තොරතුරු වාර්තා වෙමින් තිබේ.

මේ වන විටත් රට පුරා කම්කරුවන් සහ වෘත්තීය සමිතිවල නැගීමක් දක්නට ලැබෙන අතර ආණ්ඩුවට බරපතළ අවාසිදායක තත්ත්වයක් බව ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්වී තිබේ.

ආණ්ඩුවේ මේ ක්‍රියා පිළිවෙත පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතාද පසුගියදා සේ බලවත් විරෝධය ප්‍රකාශ කළේය .

රටේ සම්පත් මහරෑ විකුණා දමන ආණ්ඩුව කම්කරුවන්ව මර්ධනය කිරීමට කටයුතු කරන බවත් කම්කරුවාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඒකාධිපති ආඥාදායක පාලනයට එරෙහිව සමගි ජනබලවේගය ජනතාවගේ පැත්තේ හිටගන්නා බවද විපක්ෂ නායකතුමා පැවසීය.